ප්‍රමි‍තියෙන් තොර එන්නත් කුප්පි ගෙන් වූ අයට තරාතිරම නොබලා දඩුවම් කරන්න -මහේස්ත්‍රාත්වරියගෙන් නියෝග

Published in පුවත්
Thursday, 16 November 2023 11:34

ප්‍රමි‍තියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අදාළව රජයේ නීත්‍යනුකූල ක්‍රමවේදයන්ගෙන් බැහැරව යමින් කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු සියලු නිලධාරීන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (15) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත එන්නත් නිපදවූ බව කියන සමාගමේ හිමිකරු වන ජානක ප්‍රනාන්දු නමැති අය ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමිනි.

භාවිතයෙන් ඉවත් කර නියමිත ප්‍රමිතියෙන් සහ පරිසර තත්ත්ව යටතේ ගබඩා කර තබන ලෙස අධිකරණ නියෝග කර ඇති ප්‍රශ්නගත එන්නත් මුද්‍රා තැබීමට හේතුව සහ එම එන්නත්වල තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අද සිට සතියක් තුළ අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස දන්වමින් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරට නොතිසියක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මින් පෙර නිකුත් කළ අධිකරණ නියෝග ප්‍රකාරව ඔහු කටයුතු නොකර හිතාමතාම ප්‍රමාද කිරීමක් කරන සේ සලකා කටයුතු කරන බව ද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය සටහන් කරමින් කියා සිටියාය.

වෛද්‍ය විජිත් ගුණසේකරගෙන් පෙර දින අධිකරණ නියෝග ප්‍රකාරව ඉල්ලා ඇති වාර්තාව නිකුත් නොකිරීමෙන් විමර්ශන ප්‍රමාද වී ඇති බවත් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පෙර දිනයේදී වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා දිනයක් සඳහන් නොකිරීම නිසා සිතාසියක් පමණක් නිකුත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

එමෙන්ම මෙම සිද්ධියට සැක සහිත සියලු සැකකරුවන් ගනුදෙනු කර ඇති දුරකතන වාර්තා ලබාගෙන පරීක්ෂා කරන ලෙසත් විශේෂයෙන් වට්ස්ඇප් වාර්තා අදාළ ක්‍රමවේද ඔස්සේ පරීක්ෂා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

රජය මුදල් ගෙවීමේදී අනුගමනය කළ යුතු නිසි පටිපාටියකින් තොරව රුපියල් මිලියන 44ට අධික මුදලක් එන්නත් කුප්පි 900 සඳහා ගෙවා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කියා සිටියාය.

ප්‍රශ්නගත එන්නත් කුප්පි 3985ක් ටෙන්ඩරය මඟින් ඉල්ලමින් ඉන් දරුණු ස්නායු ආබාධ සහිත රෝගීන්ට දී ඇති බවත් ඉන් රෝගීන් සිව්දෙනකු ආසාධිත තත්ත්වයකට මුහුණදී ඇති බව විමර්ශන සනාථ කර ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේය.

“මෙම එන්නත්වලින් 1000ක් තහනම් කර තිබෙනවා. සැකකරුගේ ගිණුමට එන්නත් කුප්පි 900ක් සඳහා මුදල් බැරවූ පසුදිනම සැකකරු ගිණුමේ රුපියල් 67,000ක් පමණක් ඉතිරි කරමින් සියලු මුදල් ගෙන තිබෙනවා“ ඒ මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

පසුගිය ජනවාරි මස 04 වැනිදා සැකකරු ඉල්ලා ඇත්තේ ප්‍රශ්නගත එන්නත් කුප්පි 7500 ගෙන්වීමට වුවද ඔහුට එන්නත් 22,500ක් සැපයීමට අවසරය ලැබී ඇති බවත් කී ගිරිහාගම මෙණෙවිය ටෙන්ඩර් කැඳවීමේ හදිසි මිල දී ගැනීමේ සිට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ එක් පුරුකක් වන්නේ මොහු බවත් මොහු ලියාපදිංචි සහතිකයට තෙවතාවක් ඉල්ලුම් කර තිබියදී එම සහතිකය නැතිව රජයේ මුදල් රුපියල් මිලියන 44ක් වංචා කර ඇති බවත් එය පොදු දේපොළ පනත යටතට ගැනෙන වරදක් බවත් කියා සිටියාය.

“ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කරන බව සැකකරු පවසා තිබුණ ද කිසිදු මිල දී ගැනීමක් සිදු කර නැහැ. රුධිර ප්ලාස්මා මිල දී ගෙන ඇත්තේ ද ජාතික රුධිර බැංකුවේ ක්‍රියාත්මක කරන නෛතික ක්‍රමවේදයන්ට බැහැරව යමින්. මොහු ටෙන්ඩරයෙන් පසුව ප්‍රථම වතාවට ජාතික රුධිර බැංකුවෙන් අවස්ථා 18දී ප්‍රෝටීන පරීක්ෂා කිරීමට බව පවසා රුධිර පට්ටිකා මිල දී ගෙන තිබෙනවා.“ යැයි ද ඒ මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

“ඖෂධ මිල දී ගැනීම් සිදු කරන විට නිසි ප්‍රමිතීන් පරීක්ෂා කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කරනවා. මේ අය එකතු වන්නේ නැතිව මේ දේ කරන්න බැහැ. සැකකරු පිටුපස අමුදල් අවභාවිත ක්‍රියාදාමය ආරම්භ කරන පිරිසක් සිටිනවා. ඒ අයගේ අවශතාවට මෙය වන්නේ.“

“මේ සිද්ධියට අදාළව මගේ සේවාදායකයාට පොදු දේපොළ පනත යටතේ චෝදනා නඟන්න බැහැ. මේ සිද්ධියට වගකිව යුතු වන්නේ හදිසි මිල දී ගැනීම් සම්බන්ධයෙන් කැබිනට් එකට ඉදිරිපත් කළ කෙනා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, WOR ලේඛනය සකස් කළ වෛද්‍ය විජිත ගුණසේකර ඇතුළු පිරිසක්“ යැයි සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය. මේ සිද්ධියට අදාළව වරද පිළි ගන්නා ලෙසත් නඩුව අවසන් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට දන්වා තිබුණා යැයිද හෙතෙම කියා සිටියේය. අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙනාවේ නැති බව පිළි ගන්නවා යැයි කී ඒ මහතා මොහු අත්අඩංගුවට ගෙන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත යුතු ඉහළ පුද්ගලයන් නිදැල්ලේ සිටින්නේ යැයි ද සැකකරු සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සිය සේවාදායකයාට 2015 වසරේ එන්නත් නිපදවීමට අනුමැතිය ලැබී තිබෙනවා යැයි ද කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ සබන් නිපදවන්න අනුමැතිය ගෙන සැකකරු පැනඩෝල් නිෂ්පාදනය කිරීමක් සිදු කර ඇති බවය.

“ඔහුට මෙම එන්නත් නිපදවීමට කිසිදු අනුමැතියක් දී නැහැ. 2015 වසරේ ලැබී තිබෙන්නේ වෙනත් එන්නතක් නිෂ්පාදනය කිරීමටයි. මීට පෙර මෙම එන්නත මෙහි නිපදවා නැහැ. ආනයනය කිරීමක් සිදු කර තිබෙන්නේ. ඉන්දීය ආධාර ණය මුදල් 2022 වසරේ දෙසැම්බර් මස 31න් අවසන් වන බවට හදිසි කර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගෙන හදිසි මිල දී ගැනීම් යටතේ මෙම මිල දී ගැනීම සිදු කර තිබෙනවා.“ ඇය අධිකරණයට කියා සිටියාය.

“එන්නත ලංකාවේ නිපදවන බවට ටෙන්ඩර් කමිටුව දැනුවත් නැහැ. කවුද මේ සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ රජයට අයුතු අලාභයක් ගෙන දීමට කටයුතු කළ අයවළුන් සම්බන්ධයෙන් කටයුතු කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනවා.“ ඒ මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

“රජය මුදල් සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයකට මුහුණදී සිටින අවස්ථාවකයි මෙම මුදල් අවභාවිත කර තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති මැදිහත් වීම හේතුවෙන් අධිකරණයට මධ්‍යස්ථභාවයකින් කටයුතු කිරීමට පුළුවන්“ යැයි කී මහේස්ත්‍රාත්වරිය දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් අධිකරණයට සහාය දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ස්තූති කරන බව ද මේ අවස්ථාවේ කියා සිටියාය.

නීත්‍යනුකූල නොවන අයුරින් නිපදවන ලද කිසිදු එන්නතක් රෝගීන්ට දීමට පෙර පරීක්ෂා කර නැහැ. අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්වා නැහැ. මේ කටයුතු කර තිබෙන්නේ මේ රටේ අහිංසක මිනිස් ජීවිත සමඟයි. එන්නත පරීක්ෂා කර තිබෙන්නේ සත්ත්වයන්ට භාවිත කර නෙවෙයි. මේ අහිංසක මිනිසුන් භාවිත කරමිනුයි. මේ රෝගීන්ට ජීවිතය වෙනුවට දී තිබෙන්නේ මරණ වරෙන්තුවක්. මිනිස් ජීවිත සහ ඔවුන්ට ඇති ජීවත් වීමේ අයිතිය අපි ආරක්ෂා කළ යුතුයි. අපරාධමය වගකීමක් සැකකරුට නැත්නම් එන්නත්වලට මුදල් ලබා ගැනීමට අදාළ ලේඛනය ඉදිරිපත් නොකර මුදල් ගෙන තිබෙන්නේ කෙසේද? මේ සිදු කර තිබෙන්නේ මුදල් කොල්ලයක්. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක්. ඉන්දීය මුදල් මේවාට ගෙවා නැහැ. එම ණය ආධාරය පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන්. මුදල් ගෙවා තිබෙන්නේ මැයි මාසයේ තුන් වැනිදා. ඉන්දීය ණය ආධාර කියන නම මුළා කරමින් ලේඛනවලින් රිංගා ලංකාවේ මුදල් ගෙවමින් මේ මුදල් කොල්ලය සිදු කර තිබෙන්වා. මෙහි අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගන්න ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව අවශ්‍යයි. එම වාර්තාව ලද පසු කෙටි දිනකින් සැකකරුවන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. මේ විමර්ශනය නිසි පරිදි සිදු කිරීමට නොහැකි වුවහොත් විමර්ශනයෙන් ඉවත් වනවා“ යැයිද ලක්මිණි ගිරිහාගම මෙණෙවිය අධිකරණයට දන්වා සිටියාය.

අල්ලස්, දූෂණයට හෝ නාස්තියට එරෙහි සංවිධානය සහ වෛද්‍ය චමල් සංජීව මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයට කරුණු දැක්වීය.

රහස් පොලිසිය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරීහු අධිකරණය හමුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

-දිනමිණ

-P.M

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us