චීන ජනපතිට ඇමරිකාවෙන් උණුසුම් පිළිගැනීමක්

Published in විදෙස්
Wednesday, 15 November 2023 15:49

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ සංචාරයකට එක්ව තිබේ. ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට ළඟා වී ඇත.

චීන ජනාධිපතිවරයා අඟහරුවාදා එක්සත් ජනපදයට පැමිණියේ වසර හයකට පසුව කෙරෙන සංචාරයක් ලෙසය.

ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සැන් ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට පැමිණ චීන ජනපති මහත් හරසරින් පිළිගෙන ඇත. කැලිෆෝනියා හි ආණ්ඩුකාර ගැවින් නිව්සම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් සහ චීනයේ ඇමරිකානු තානාපති ආර්. නිකොලාස් බර්න්ස් යන මහත්ම මහත්මීහු ද ඒ අතර වූහ. චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකාවේ චීන තානාපති ෂිය් ෆෙංග් මහතා ද පැමිණ සිටියේය.
ෂී ජින් පිං ජනාධිපතිවරයා සැන් ප්‍රැන්සිස්කෝ නුවර ගුවන් තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මග දෙපස, එරට වෙසෙන චීන ජාතිකයෝ සහ ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුහු පෙළ ගැසී සිටියහ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙලවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්හ.

සැන් ප්‍රැන්සිස්කෝ හීදී ඇමරිකාන් ජනාධිපති සහ චීන ජනාධිපති ද්විපාර්ශ්වීය රාජ්‍ය නායක හමුවකට එක්වීමට නියමිත ය. එසේම ඇමරිකාවේ පැවැත්වෙන Asia-Pacific Economic Cooperation (APEC) සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වීමට නියමිතය

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us