එරට වේලාවෙන් අලුයම 2ට පමණ එම රෝහල් සංකීර්ණය වෙත ඇතුළු වී ඇති බවත් එම විදෙස් වාර්ථාවල සඳහන්ය.
ඊශ්‍රායල හමුදාව රෝහල් සංකීර්ණය අවට ප්‍රදේශයේ ප්‍රහාර සිදුකළ අතර එම රෝහලට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වේ.
අල් ෂිෆා රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාව ඇතුළු පාර්ශව විසින් ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.