සුසාන භූමි බවට පත්වූ ගාසාහි රෝහල්!

Published in විදෙස්
Tuesday, 14 November 2023 09:38

පලස්තීනයේ රෝහල් පද්ධතිය ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බවයි.



උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය හමුවේ සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල කළ ප්‍රහාරවලින් ද විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

තවද රෝහල් ඇතුළත සහ පිටත නොමෙරූ බිලිඳන් ඇතුළු මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇති බව වාර්තා වේ.

අඛණ්ඩව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුවන් කාන්තාවන් ඇතුළු 100 ගණනක් දෛනිකව මියගිය ද එම සංඛ්‍යා ලේඛන මේ වන විට යාවත්කාලීන වීමක් සිදුනොවන බව ද  විදෙස් වාර්තා පවසයි.

මේ අතර හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීම සඳහා මැදිහත්කරුවන් සමග එකඟතාවලට පැමිණිය ද ඊශ්‍රායලය නැවත නැවතත් අවසන් මොහොතේ කොන්දේසි වෙනස් කරමින් එය මඟහරින බවයි.

කෙසේ වෙතත් පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දෙන බව පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව පලස්තීන ජාතිකයින් පිරිසක් අමෙරිකානු ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

RS

Last modified on Tuesday, 14 November 2023 09:39

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us