චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව: නව ලෝක පිළිවෙතක් ගැන අවධාරණයක්

Published in විදෙස්
Thursday, 16 November 2023 10:22

චීන ජනාධිපති ෂී ජින්පිං සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ වූ හමුව නොවැම්බර් 15 වැනිදා, පැවැත්විය.

ජනාධිපති ජෝ බයිඩන් බාලි දූපතේදී හමුවී වසරක් ගත වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී සිහිපත් කර ඇති අතර ගෙවී ගිය වසර තුළ, බොහෝ දෑ සිදු වූ බව ද සදහන් කර තිබේ.

කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය යළි ප්‍රකෘතිමත් වී ඇතත් වසංගතයෙන් මතුවූ විශාල බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටී. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද එහි ගම්‍යතාවය ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට විවිධ බාධා එල්ල වී ඇති අතර ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම කැපී පෙනේ.

ගෙවී ගිය වසර 50කට වැඩි කාලයක් තුළ, වරින් වර විවිධ ප්‍රශ්න මතු වුව ද චීන ඇමරිකා සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ. ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව හෙතෙම අවධාරණය තිබේ.

ෂී ජින්පිං  සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරඟ කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය. චීනය හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී. දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ‌‌‌ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබේ. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය ලබාගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං ප්‍රකාශ කර තිබේ.

චීන ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිතුමාට, ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ජෝ බයිඩන්  සමග දෙරටේ සබඳතාව පිළිබඳ ක්‍රමෝපායීය, පූර්ණ දෘෂ්ඨිය මෙන්ම දිශානනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කරමින් නව එකඟතාවන්ට එළඹීමට හැකි වෙතැයි ෂී ජින්පිං අපේක්ෂා පළ කළේය.

ඇමරිකානු-චීන සම්බන්ධතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් බවත්, ස්ථාවර ව සංවර්ධනය වන චීනයක් ඇමරිකාවට හා ලෝකයට යහපතක් රැගෙන එන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. දෙරට අතර ගැටුම් මතුවීමට ඉඩකඩ තිබුණ ද එය වළක්වා ගත හැකි ය. බාලි දූපතේ හමුවේ දී තමා ලබාදුන් ප්‍රතිඥා අකුරටම පිළිපදින බව ‍ජෝ බයිඩන් ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කළේ ය. නව සීතල යුද්ධයක් ආරම්භ නොකිරීම, චීනයේ ක්‍රමය වෙනස් නොකිරීම, සන්ධානගත සම්බන්ධතා යොදාගනිමින් චීනය මර්දනය නොකිරීම, තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදීම සහ චීනය සමග හිතාමතා ගැටුම් ඇතිකර නොගැනීම එම පොරොන්දු අතර ප්‍රධානවේ.

අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයක් පවත්වමින් පොදු යහපත පවතින ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් තරගකාරී සාධක වගකීම් සහගතව පාලනය කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟ වූහ. දෙරට දේශගුණ විපර්යාස අර්බුදයට එක්ව මුහුණ දීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව විවිධ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වේ.

මෙම හමුවෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරු දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆිලෝලි (Filoli) වතුයායේ ඇවිදිමින් සුහද පිළිසඳරක ද නිරත වූහ.

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us