දේශීය ආයෝජකයින්ගේ ස්ට්‍රෝබෙරි අපනයන වගාවට අමාත්‍යාංශයේ අනුමැතිය

Published in පුවත්
Tuesday, 14 November 2023 10:02

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉළක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (13) අනුමැතිය ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමටත්, කඩිනමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අනුමැතිය ලබා දෙනු ලැබීය.

ස්ට්‍රොබෙරි සඳහා ලෝක වෙළඳපල තුළ ඉහළ ඉල්ලුමක් ඇතත් තවමත් නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා නොකිරීම නිසා අපේ රටේ වගා කෙරෙන ස්ට්‍රෝබෙරි සඳහා පවතින්නේ අවම ඉල්ලුමකි.

ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි. වාර්ෂිකව සීග්‍රයෙන් ඉහළ යන වෙළෙඳ පලක් ස්ට්‍රොබෙරි සතුවන අතර මෘදු පලතුරක් වශයෙන් ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරකි.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට එකඟත්වය පළ කරනු ලැබීය.

ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි වේ.

එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව තිබේ. එමෙන්ම හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250කි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබන වසර කෘෂිකර්මය නඟා සිටුවීම සදහා ප්‍රමුඛත්වය ලබා දෙන වසරක් බව ද කීය. අතිගරු ජනාධිපතිතුමා නව අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් නව තාක්ෂණිය කෘෂිකර්මාන්තයට හඳුන්වා දීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

-ITN NEWS

-P.M

 

 

 

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us