කීරි සම්බා කිලෝ 1365 ක් සගවා සිටි සුපිරි වෙළදසැලකට වැඩ වරදී !

Published in පුවත්
Monday, 13 November 2023 08:24

කීරි සම්බා සහල් කිලෝ එක් දහස් තුන්සිය හැට පහක් සඟවා ගෙන සිටි බවට වරද පිළිගත් නිට්ටඹුව නගරයේ සුපිරි වෙළෙඳ සලකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් රුපියල් ලක්ෂයක දඩ නියම කර සහල් තොගය රාජ සන්තක කිරීමට නියෝග කර ඇත.

එම සහල් තොගයේ වටිනාකම රුපියල් තුන් ලක්ෂ පනස් හතර දහස් නමසීයක් බවයි වාර්තා වන්නේ.

විත්තිකාර වෙළඳ ආයතනය වෙනුවෙන් එහි බලය පැවරූ ලිපියක් ද සමඟ අධිකරණය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයා දඩ මුදල නොගෙවන්නේ නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම දෙනාට මාස හය බැගින් ලිහිල් සිර දඩුවම් නියම කිරීමට ද නියෝග කැරිණි.

රාජ සන්තක කරන ලද කීරි සම්බා කිලෝ එක් දහස් තුන්සිය හැට පහක ප්‍රමාණය කිලෝව රුපියල් දෙසිය හැට පහ බැගින් විත්තිකාර වෙළඳ ආයනයටම මිල දී ගත හැකි බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අතර ඒ අවස්ථාවේම එම ආයතනයේ පුද්ගලයකු අධිකරණය ඉදිරියට පැමිණ එම සහල් තොගය අධිකරණයෙන් මිල දී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

එම සහල් තොගය පාරිභෝගිකයන් හට අලෙවි නොකර සගවා ගෙන සිටිය දී පාරිභෝගික අධිකාරියෙහි විමර්ශන අංශය උපාය දූතයෙකු යොදවා වැටලීම සිදු කොට නඩු පවරා තිබුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us