ඩිජිටල්කරණයට සැරසෙන අධ්‍යාපනය !

Published in පුවත්
Wednesday, 08 November 2023 13:08

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වී අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට කැපවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කලේය.

හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපති පෑන් ජුන්ෆෙන් (Pan Junfeng) සමඟ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඩිජිටල්කරණයට අනුවර්තනය වෙමින් සහ ඒ හා සම්බන්ධව වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට හැකි බවයි

මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වකරුවන් අතර තාක්‍ෂණික දැනුවත්භාවය සහ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා හුවාවි සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහි දී ඵලදායී සාකච්ඡාවක් දෙපාර්ශවය අතර පැවැත්විය. එමෙන්ම මේ සඳහා දෙපාර්ශවය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් ධාරිතා සංවර්ධනයට පියවර ගත යුතු බව ද සාකච්ඡා වූ අතර, හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සිය විශේෂඥ සහාය සහ තාක්‍ෂණික විසඳුම් ලබා දීමට කැපවී සිටින බව පෑන් ජුන්ෆෙන් සඳහන් කර ඇත.

තවද මෙම වැඩසටහනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා හුවාවි සමාගම අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ද එකගත්වය පළ කර ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමයි.

ශ්‍රී ලංකාව සඳහා දියුණු ඩිජිටල් ආර්ථික වැඩසටහනක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින බව ද, නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් තුළින් බොහෝ සංවර්ධන වැඩසටහන්වල පවත්නා ඩිජිටල් දුරස්ථභාවය අවම කිරීමටත්, මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම මගින් ආර්ථික වර්ධනයට දායක වීමටත් අවස්ථාව ලැබීම සතුටක් බව ද හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපතිවරයා එහි දී වැඩිදුරටත් පවසා ඇත.

එමෙන් ම, මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් තොරතුරු සාකච්ඡා කළ අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ඩිජිටල් තාක්ෂණයේ තීරණාත්මක කාර්යභාරය ද අවධාරණය කර ඇත.

 

-RS

Last modified on Wednesday, 08 November 2023 13:09

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us