subash
කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකාවෙන් විශාල ආයෝජනයක් !
ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයකින් කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසයි.
Online පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමැති පනත් කෙටුම්පතේ වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
කොටිකාවත්ත සණස සභාපති ඇතුළු හතක් රු කෝටි 20 ක් ගිලලා. සමිතියෙන් පන්නයි.
දූෂිත ගණු දෙනු සිදු කර කෝටි 20 කට අධික පාඩුවක් සමිතියට සිදු කර ඇති බවට චෝදනා මත සණස සමිතියේ සභාපති සරත් විදානපතිරණ ඇතුළු කාරක සභිකයන් හත් දෙනෙකුට එරෙහිව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් චෝදනා ඉදිරිපත් කර තිබුණ අතර එම චෝදනා සදහා එකි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු ප්‍රතික්ෂේප කරමින් වසර හතක් යන තෙක් කිසිදු සමූපකාර සමිතියක නිලයකට පත්වීම, හෝ තේරීපත්වීම තහනම් කර ඇත.
නුවරඑළිය තැපැල් කන්තෝරුව පවත්වාගෙන යන්නේ සුද්දාගේ කාලයේ සිටම ඒ වෙනුවෙන් භාවිතා වූ ගොඩනැගිල්ලේය. මෙය සුප්‍රසිද්ධ යටත් විජිත ගොඩනැගිලි අතර සුවිශේෂීව කැපී පෙනෙන තැනකි. එහි ආකර්ශනීය බාහිර පෙනුමෙන් එය අද්විතීය නිර්මාණයක් වන අතර යටත් විජිත බ්‍රිතාන්‍ය ලංකාව පිළිබඳ මතකයන් නැවත ගොඩනගන්නකි.
අර්ජුන් මුදා හරින නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් !
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු දස දෙනෙකුට එරෙහි චෝදනා පවත්වා ගෙනයා නොහැකි බැවින් ඔවුන් මුදා හරින ලෙස ලබාදී තිබු නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
තැපැල් සේවක වැඩවර්ජනයකට සුදානම් වූ පසුබිමක තැපැල්පති නිවාඩු අවලංගු කරයි !
වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
වගා හානි වූ ගොවීන්ට වන්දි මුදලට අමතරව නොමිලේ ඩීසල් !
පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
සීනි බද්දේ තොරතුරු පිටට ගියේ කෙසේද ? ඇමති මනුෂ වහා පරීක්ෂණයක් ඉල්ලයි ! (Video)
සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි යන්න අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත.
