වගා හානි වූ ගොවීන්ට වන්දි මුදලට අමතරව නොමිලේ ඩීසල් !

Published in පුවත්
Tuesday, 07 November 2023 19:08

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

මෙම සහනය සලසනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරවය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විනි. එම අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් බවත් , කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබුණ බවත් සදහන් කර අමාත්‍යවරයා පවසා සිටියේ එමනිසා මෙම ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ දී වගා කටයුතු සිදු කිරීමට නොහැකිව සිටින යල කන්නයේ දී වගා හානි සිදුවූ ගොවි ජනතාවට ලබා දීමට තීරණය කල බවයි.

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක ප්‍රමාණයක් බැගින් මෙම ඉන්ධන ප්‍රමාණය වගා හානි සිදුවූ සියලු ගොවීන් අතර වහාම බෙදා හැරීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ අදාල සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ මෙම ඩීසල් ‌ තොගය වගා හානි සිදුවූ සියලු ගොවීන්ට බෙදාහැරිමට නියමිතය.

මෙහිදී උඩවලව ජලාශය සිඳී යාම නිසා වගා පාළු වු වළව කලාපයේ ගොවීන්ට ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කළේය. නිසි අවස්ථාවේ දී සමනලවැවෙන් ජලය උඩවළවේ ජලාශයට ජලය ලබා නොදීම නිසා බොහෝ කුඹුරු විනාශ විය. එමනිසා වළව කළාපයේ ගොවීන්ට සිදු වූ හානිය Man Made Disaster එකක් ලෙස සළකා ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුබවත් ,ගොවීන් සියලු දෙනා රැකබලාගැනීම රජයේ වගකීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us