කොටිකාවත්ත සණස සභාපති ඇතුළු හතක් රු කෝටි 20 ක් ගිලලා. සමිතියෙන් පන්නයි.

Published in පුවත්
Wednesday, 08 November 2023 10:55

දූෂිත ගණු දෙනු සිදු කර කෝටි 20 කට අධික පාඩුවක් සමිතියට සිදු කර ඇති බවට චෝදනා මත සණස සමිතියේ සභාපති සරත් විදානපතිරණ ඇතුළු කාරක සභිකයන් හත් දෙනෙකුට එරෙහිව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් චෝදනා ඉදිරිපත් කර තිබුණ අතර එම චෝදනා සදහා එකි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු ප්‍රතික්ෂේප කරමින් වසර හතක් යන තෙක් කිසිදු සමූපකාර සමිතියක නිලයකට පත්වීම, හෝ තේරීපත්වීම තහනම් කර ඇත.

මෙම සමිතියේ සිදුව ඇති දැවැන්ත වංචා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සාමාජිකයන් සමූහයක් විසින් කොළඹ මහාධිකරණයේ පවරන ලද එච්.ඒ.08/2018 දරන නඩුවේ රිට් නියෝගයට අනුකූලව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් නිසි පරිදී පරික්ෂණ පවත්වා මෙම නිළධාරින් හත් දෙනා වරදකරුවන් බවට තීරණය කර මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත. තහනමට ලක් වූ කාරක සභිකයන් සභාපති සරත් විදානපතිරණ, ලේකම් ඇල්වලගේ සිසිර කුමාර, ලඛිත ධනුෂ්ක පීරිස්, මාධවි මේඛලා, ටිලංජන කුරුවිට ආරච්චි, ලයනල් ගුණපාල,සුජිත් නිමල පෙරේරා සහ සෝමසිරි පෙරේරා යන හත් දෙනා වේ.

67075681 2346482308792640 8039252980731478016 n

මෙම නිලධාරීන් අතුරින් සභාපතිවරයා වූ සරත් විදානපතිරණ යන අය විසින් අත්තනෝමතික ලෙස, සමිතියේ කාරක සභාවේ කිසිදු අනුමැතියකින් තොරව තමන් විසින් තෝරාගත් සාමාජිකයන් කීප දෙනෙකුගෙන් අය විය යුතු ණය සදහා පොලී කපා හැර සමිතියට රු. 2,543,823.00 ක් අහිමි කර ඇති බවත්, සමූපකාර සමිති ප්‍රඥප්තිය සහ නීති උල්ලංඝණය කරමින් හෝටල් ව්‍යාපෘතියක් ඉදි කර 2015 වසරේ සිට 2022-12-31 දින දක්වා සමිතියට රුපියල් දාහත් කෝටි පනස් ලක්ෂ තිස්නවදාහ් එකසිය අනූ දෙකක මුදලක් පාඩු සිදු කර ඇති බවටත්, සමූපකාර සමිති නීති සහ ප්‍රඥප්තියේ නියමයන් නොසළකා හරිමින් 2015 වසරේ දී පමණක් රුපියල් දෙකෝටි දාසය ලක්ෂ හාරදාස් එකසිය හැත්තෑ එකක මුදලක් කිසිදු විනිවිදභාවයකින් තොරව වැය කර ඇති බවටත් සමූපකාර කොමසාරිස්වරයා විසින් තීන්දු කර ඇත.

 

සමූපකාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ පිටපත් පහතින් දක්වා ඇත.

Coop RuleCoop Rule1

Last modified on Wednesday, 08 November 2023 14:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us