අර්ජුන් මුදා හරින නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් !

Published in පුවත්
Tuesday, 07 November 2023 20:10

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු දස දෙනෙකුට එරෙහි චෝදනා පවත්වා ගෙනයා නොහැකි බැවින් ඔවුන් මුදා හරින ලෙස ලබාදී තිබු නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකු චෝදනා එල්ල වූ අතර පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර තිබු එම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන් මුදා හැරීමටයි කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමුඩල්ල තීන්දු කර තිබුණේ.

එම නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල හමුවේ පැවැත්වෙන නඩු විභාගය ද අත්හිටුවන ලෙස තවත් අතුරු නියෝගයක් නිකුත් කෙරුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලේ නියෝගවලට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසරදෙමිනි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කරුණු දක්වමින් පැසුවේ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලේ තීන්දුව දෝෂ සහිත බවයි.

2015.02.27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් මිලියන 688 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්, පර්පෙචුවෙල් ටේ්‍රෂරීස් සමාගම සහ එහි අධ්‍යක්‍ෂවරුන් හා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති පත්තිනිගේ සමරසිරි ඇතුළු විත්තිකරුවන් දසදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබුණා.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us