ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරයට තහනම්   Featured

Published in පුවත්
Friday, 10 November 2023 22:04

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරටට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

දිගින් දිගටම එහි ස්වාධීනත්වයට සිදුවූ බාධාවන් සහ දේශපාලන අත පෙවීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට අනුව පටහැනී බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ඉදිරියේ කටයුතු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව දැනට පත්ව සිටින ක්‍රිකට් පරිපාලන කණ්ඩායම සමඟ පමණක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි දැනුම් දී ඇත.

දේශපාලන වාසි තකා සිදු කරන ක්‍රියාමාර්ග වලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවූ වුවහොත් එහි වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදි පැවසීය.

ක්‍රීඩා ඇමැතිවරයා අතුරු කමිටුවක් හදිස්සියේ පෙර විමර්ශනයකින් හෝ සාධාරණ කරුණු දැන්වීමකින් තොරව පත් කිරීමත් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සෘජුවම ක්‍රිකට් පරිපාලනයට දේශපාලනික ඇඟිලි ගැසීමක් බව පැහැදිලි කාරණයක් විය. කෙසේ නමුත් මෙම පියවර නිසා ජනාධිපතිවරයා ප්‍රශ්නය විසඳීම සඳහා පෙර ගන්නා ලද නිසි ක්‍රියාපටිපාටියන් යටතේ වූ ක්‍රියාමාර්ගයන්ද අවුල් වී ගියේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us