පාතාල කල්ලි මර්දනයට ක්‍රියාමාර්ග රැසක් !

Published in පුවත්
Friday, 10 November 2023 11:17

පාතාල කල්ලි සහ කණ්ඩායම් මර්දනය සඳහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් පසුගිය මාස කිහිපය තුළ රැගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබෙනවා.

විදේශ රටවලත් ලාංකීය අපරාධකරුවන් ඇති බැවින් මේ වන විට විදේශ රටවල් සමග සාකච්ඡා කරමින් ඔහුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

''අපි විශාල ක්‍රියාමාර්ග අරන් තියෙනවා පහුගිය මාස කිහිපය තුළඅපි ගත්ත විශාල ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මට ඒවා මෙතන ප්‍රකාශ කරන්න බෑ. ලෝකෙට ඇහෙන්න කියන්න බෑ අපි කෙරුවේ මොකක්ද කරන්නෙ මොකක්ද කියලා.අපි සිද්ධීන්වලට සම්බන්ධ වෙඩික්කරුවන් දැනටම 8 දෙනෙක් අත් අඩංගුවට අරගෙන තියෙනවා බස්නාහිරයි දකුණයි ගත්තොත්. ඒ අට දෙනාගෙන් දෙන්නෙක් පොලිසිය සමග එන්ගේජ් වෙලා මරණයට පත්වෙලා තියෙනවා. එතකොට පැදිකරුවන් 9 දෙනෙක්. ඔවුන්ගෙනුත් එක්කෙනෙක් මියගිහින් තියෙනවා. ඒ වගේම ආධාර අනුබල දීමට 67 දෙනෙක් අපි අත් අඩංගුවට අරන් හිරබාරයේ ඉන්නවා”

“බන්ධනාගාර ඇතුළේ ඉන්න යම්කිසි පිරිසක් බන්ධනාගාරය තුළ සිටම කුඩු ජාවාරමේ යෙදී සිටිනවා, ඒ වගේම ඝාතනවලටත් අනුබල දෙනවා. විදේශ රටවල්වල දැනට ඉන්නවා 30ක් පමණ ප්‍රමාණයක්. ඒ අයත් ඒ දෙය කරනවා. අපි දැනට විදේශ රටවල් සමග සාකච්ඡා කරමින් යනවා හැකිතාක් ඔවුන්ව ගෙන්වාගන්න ආපහු. බන්ධනාගාරවල රැඳී සිටින අයත් අපි දැන් අයිඩින්ටිෆයි කරලා, අධිකරණ ඇමතිතුමාත් එක්ක කතාකරලා, ඒ කට්ටියව වෙන ස්ථානයකට ගෙනිහිල්ලා රඳවන්න අපි සාකච්ඡා කරමින් පවතිනවා”

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us