ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් !

Published in පුවත්
Friday, 10 November 2023 11:02

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ව්‍යවසායකත්ව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇත.



ජාතික ආර්ථිකයේ ඵලදායී ව්‍යවසායකයෙකු බවට පත්වීම සඳහා ව්‍යවසායකයන්ගේ කුසලතා සහ තාක්ෂණික දැනුම් වර්ධනය කිරීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මුලික පරමාර්ථය බව (NEDA) ආයතනය පවසයි.

විධිමත් ව්‍යවසායකත්ව දැනුමක් නොමැතිකම නිසා වසරක් තුළ දී අප රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගෙන් 80% පමණ ප්‍රමාණයක් ඔවුන්ගේ ව්‍යාපාර වසා දමනු ලබන අතර මෙම ගැටලුව සඳහා සාර්ථකව මුහුණ දීම පිණිස ජාතික ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම, සහය දීම, දිරිගැන්වීම සහ පහසුකම් සැලසීම තුළින් ව්‍යවසායක සංස්කෘතියක් ගොඩ නැගීමට සහ සමාජය තුළ ව්‍යවසායකත්වය ප්‍රචලිත කිරීමට ඇපකැපවී සිටින බවත් එම ආයතනය පවසයි.

මෙම ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ ව්‍යවාසයකත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා MSME අංශයේ පාර්ශවකරුවන් ඉලක්ක කර ගනිමින් ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දෙන බවයි.

මේ හරහා ව්‍යවසායකත්වයේ පදනම පිළිබඳබ අවබෝධයක් ලබා දීම, තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාර ක්‍රියාවලීන් පිළිබඳ මූලික අවබෝධය, අලෙවිකරණ ප්‍රවීණත්වය සහ ඩිජිටල් ප්‍රවීණතාවය තරඟකාරී අලෙවිකරණ උපාය මාර්ග සහ ඵලදායී අලෙවිකරණ උපාය මාර්ග සංවර්ධනය කිරීම, අවදානම් කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලබා දීම ,ඩිජිටල් අලෙවිකරණයේ ප්‍රවීණතාවය පෙන්නුම් කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රපයේ විශිෂ්ඨයන් ඇසුරින් අවබෝධයක් ලබා ගැනීම සහ සැබෑ ලෝකයේ සාර්ථකත්වය සඳහා න්‍යාය සහ ප්‍රායෝගික භාවිතයන් ඒකාබද්ධ කිරීම වැනි බොහෝමයක් කරුණු මෙම සහතික පත්‍ර පාඨමාලාව හරහා ලබා ගත හැකි බවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පවසයි.

එමෙන්ම මෙම පාඨමාලා ගාස්තුව රු. 45,000ක් වන අතර පාඨමාලා ගාස්තුව සෑම මසකම ආරම්භයේ සමාන වාරික 3 කින් ගෙවිය හැකි බවත්  විස්තර දැන ගැනීමට 011 3601592 / 071 8333924 අමතන ලෙසත්  (NEDA) ආයතනය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us