ඉන්ධන අපනයනය ගැන රුසියාවේ තීරණය !

Published in පුවත්
Friday, 10 November 2023 12:05

ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

රට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ ලෙස ඉහළ යෑමත්, තොග හිඟවීමත් හේතුවෙන්, රුසියාව සැප්තැම්බර් 21 වනදා සිට ඉන්ධන අපනයනය තහනම් කළේය.

නල හරහා ඉන්ධන වෙනත් රටවලට යැවීමට පනවා තිබූ තහනම ඔක්තෝබර් 6 වනදා ඉවත් කළේය.

රුසියාව බොරතෙල් හා ගෑස් අපනයනය නැවැත්වීමට තීරණය කළහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 160 ත් 200 ත් අතර මුදලකට ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එය නැවත යථා තත්ත්වයට පත්කිරිමට වසර 05 ක් පමණ ගත වනු ඇති බවයි ඔහුන් ගේ මතය වී තිබුණේ .

එබැවින් අර්බුදය රුසියාවට පමණක් නොව ගෝලියවද බලපානු ඇත. බොහෝ රටවල් රුසියාවට සම්බාධක පැනවුවත් බලශක්ති සම්බන්ධව සම්බාධක පැනවීමේදී බියක් දක්වයි. යුරෝපා බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් ද ගෑස් වලින් සියයට 25 ක්ද. සපුරන්නේ රුසියාවයි . එම නිෂ්පාදන නැවතුනහොත් තෙල් නිෂ්පාදනය කරන ඔපෙක් සංවිධානය බලශක්ති ඉල්ලුම සැපරීමට යාමේදි අතිශය තරගකාරිත්වයක් ඇතිවිම නිසා අර්බුදයක් පැන නැගේ. මේ නිසා බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සිදුවනු ඇත. එය කුඩා ආර්ථිකයක් ඇති රටවලට හා ණයබරින් මිරිකුණු ශ්‍රී ලංකාව වැනි රටවලට දරාගත නොහැකි වනු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us