වසර 15කට පසු LTTE විත්තිකරුවන් 3නෙකු නිදොස් කොට නිදහස් !

Published in පුවත්
Friday, 10 November 2023 13:27

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙලෙස කෙරුණේ 2006 වසරේ අගෝස්තු මස 14 වන දා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ කටයුතු කළ පකිස්තානු මහ කොමසාරිස් බසීර් අලි මොහොමඩ් ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන එල්.ටී.ටී.ඊ සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකි.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවයි.

මෙම විත්තිකරුවන් තුන්දෙනා වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අය වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us