subash
රටට ඩොලර් ඉතිරි කරමින් පැෂන් පෘට් හා ජම්බෝ පීනට් නිෂ්පාදන ආශ්රිත ආදර්ශ උද්‍යානය විවෘතවේ
කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය සහ ශ්‍රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු (Jumbo Peanut) නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ඉන්දියාවේ සම්මාන උළෙලකදී වින්ඩි සම්මානයෙන් පිදුම් ලබයි
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards )“අය්යෝ සාමි ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඊයේ (26) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
රජයේ රථගායේ තරම හෙළි වෙයි. කිලෝමීටරයකට රු.300ක් නාස්ති කරලා !
කිලෝමීටරයක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන කිලෝමීටරයක් රු.100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.
ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් - මහ බැංකු අධිපති
ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළකරයි.
අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
දකුණේ පාතාලය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපායි - පොලිස්පති
රට තුළ පවතින සාමකාමී වාතවරණය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපාන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
සුඛෝපභෝගී නිවාස දෙකක් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ගෙන ඇති බව හෙළිවේ
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
චීනය සහ ශ්‍රී ලංකාව නව පරිච්ඡේදයකට සුදානම් වේ - දෙරට අතර ගිවිසුම් 9කට අත්සන් තැබේ
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ.
මෛත්‍රී CIDයට කළ ප්‍රකාශය ගැන කරුණු වාර්තා කිරීමට නීතිපති අද අධිකරණයට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගනී
ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගෙන තිබේ.
