subash

subash

උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ.ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි.

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වසා දමා ඇති ජාතික කලාභවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (28) බෝඕවා සමුළුව ඇමතීමට නියමිත වේ.

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග දිසාසේකර සමග ඒ විවාහය දෙදරා ගියේ නොහිතූ විදියට.

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේද වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඉදිරි සති කිහිපය තුළදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වන බවට වෘත්තිය සමිති අනතුරු අඟවා තිබෙනවා.

අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව තාක්ෂණය හරහා රැකියා වෙළෙදපොළටත්, පරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගැනීමේ අවස්ථාවක් මේවනවිට ශ්‍රී ලාංකිකයින් උදාවී ඇත.

Connet With Us