වසා දමා ඇති ජාතික කලාභවන මේ වසරේ විවෘත කිරීමට පියවර

Published in පුවත්
Thursday, 28 March 2024 07:32

වසා දමා ඇති ජාතික කලාභවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලාභවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ජාතික කලාභවන විවෘත කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍ තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නැත.

මේ වනවිට ජාතික කලාභවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.

ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස නිලධාරීන්ට පැවසු ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය.

නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us