වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්න - මනුෂ

Published in පුවත්
Thursday, 28 March 2024 07:35

වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කළ වෘත්තීය සමිති සමාජිකයින් සමග පැවති සාකච්ඡාව අතරතුරදීයි.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

මේ අතර වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් ද වතු වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාව දැනුවත් කළහ.

එහිදී නව රැකී රක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us