ළමයින්ගේ අසභ්‍ය වීඩියෝ සම්බන්ධ පැමිණිලි භාරගැනීමට නව ක්‍රමවේදයක්

Published in පුවත්
Thursday, 28 March 2024 07:41

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද දිනයේ සිට අවස්ථාව හිමිවනු ඇති බවය.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ “ඉන්ටනැෂනල් වොච් ෆවුන්ඩේෂන් නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වෙයි.

අනතුරුව එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිතය.

පසුගිය කාලය තුළ ද ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීම් සම්බන්ධයෙන් පැමිණිලි බොහෝ සංඛ්‍යාවත් ලැබී ඇති බව වාර්තා වෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us