subash

subash

බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අද (01)උදෑසන 6.30 සිට පැය 4 ක් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධානගත වීමට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් එකඟතාවයකට පැමිණ අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අද (29) සවස 2න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසන්නීය.

දකුණු අප්‍රිකාවේ පාලමකින් බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද(29)ට යෙදී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා ඇත.

Connet With Us