subash

subash

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

යුක්තිය මෙහෙයුමේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී තිබෙන බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශ භාර කොමසාරිස් නිමල් ජී පුංචිහේවා පැවසීය.

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

අදත් වැසි

Published in පුවත්
Thursday, 04 April 2024 08:47

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (04) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව පවසයි.

උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

චීනයෙන් ලොකු ළූණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

Connet With Us