ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Published in ක්‍රීඩා
Wednesday, 03 April 2024 11:23

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 - 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී ලකුණු 318කට සියලුදෙනා දැවී ගියේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් මෙහෙදී හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර මොමිනුල් හක් ලකුණු 50යි.

පන්දු යැවීමේදී, ළහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස්කළහ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 03ක් දවාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තේය.

ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළේය.

පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 511කි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us