බංගලාදේශයට දැවැන්ත ඉලක්කයක්

Published in ක්‍රීඩා
Tuesday, 02 April 2024 14:45

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායමට ලකුණු 511ක ඉලක්කයක් හිමිව ඇත.

ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 531ක් වන අතර
එහි දී කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, කමිඳු මෙන්ඩිස් නොදැවි ලකුණු 92ක් දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස්කරගත්හ.

ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමණි. එහි දී සකීර් හසන් ලකුණු 52ක් රැස්කරගත් අතර පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳහෙළීමට සමත් විය.

අනතුරුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 157ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක්, නිශාන් මධුසංඛ ලකුණු 34ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 28ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී හසන් මහමුඩ් කඩුලු 4ක් සහ ඛලීඩ් අහමඩ් කඩුලු 02ක් බිඳ හෙළීය.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුනු 511කි.

මෙම තරගය බංගලාදේශ කණ්ඩායම ජය ගන්නේ නම් එය ටෙස්ට් ඉතිහාසයේ හොඳම හඹා යාම වනු ඇත.

මේ වනවිට ටෙස්ට් තරගවල හොඳම හඹා යාම වන්නේ ලකුණු 418කි.

එම දක්ෂතාව සිදු කර ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමය.

ශ්‍රී ලංකා සහ බංලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us