subash

subash

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඊයේ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය ලබා දෙන බවයි.

අද කාලගුණය

Published in පුවත්
Thursday, 11 April 2024 06:56

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙවර පැවැත්වෙන අලුත්‌ අවුරැදු උත්සවයන්හිදී, ආබාධ සහිත පුද්ගලයන්‌ පිළිබඳ සමාජය තුළ පවතින වෙනස් කොට සැලකීමේ මනුෂ්‍යත්වයට නොගැලපෙන භාවිතයන් පිළිබඳ 'සංකල්පමය වෙනසක්‌ ඇති කිරීම වෙනුවෙන්‌ සමාජ සවිබලගැන්වීම්‌ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්‌ මහතා මැදිහත්ව තිබේ.

මෙරට ඉන්ධන පාරිභෝජනය මේ වන විට සියයට 50 කින් අඩු වී ඇති බවට පසුගියදා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය විසින් ප්‍රකාශ කළ බවට පුවතක් වාර්තා වී තිබිණි. එහෙත් කවර මුලාශ්‍රයන් ආශ්‍රයෙන් එම සංගමය එලෙස ප්‍රකාශ කළාද යන්න තොරතුරු වාර්තා වී නොතිබිණි.

පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73,000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.

නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පිපිරීමෙන් පුද්ගලයින් 4දෙනෙකු මියගොස් තිබේ.

එන්ජින් ධාරිතාව 450 ඉක්මවූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

Connet With Us