ඉන්ධන පාරිභෝජනය 50% කින් අඩු වීම බොරුවක් ! මෙන්න ඇත්තම කතාව Featured

Wednesday, 10 April 2024 12:24

මෙරට ඉන්ධන පාරිභෝජනය මේ වන විට සියයට 50 කින් අඩු වී ඇති බවට පසුගියදා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය විසින් ප්‍රකාශ කළ බවට පුවතක් වාර්තා වී තිබිණි. එහෙත් කවර මුලාශ්‍රයන් ආශ්‍රයෙන් එම සංගමය එලෙස ප්‍රකාශ කළාද යන්න තොරතුරු වාර්තා වී නොතිබිණි.

 

කෙසේ නමුත් මෙම පුවත විපක්ෂ කොටස් විසින් ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස අර්ථකථනය කිරීමට පෙළඹී තිබිණි. විශේෂයෙන්ම ඉන්ධන මිළ ඉහළ යාම, ජනතාවගේ ආර්ථික හැකියාවන් දුර්වල වීම ආදිය මෙයට හේතු වශයෙන් පැවැසිනි. එසේම රට බංකොත්භාවයෙන් මුදවා රටේ ආර්ථික යම් ස්ථාවරත්වයකට පත්කර ඇති බවට රජයේ පාර්ශ්වයෙන් කෙරෙන ප්‍රකාශයන් සත්‍යයෙන් තොර බවට මතයක් නිර්මාණය කිරීමට මෙම පුවත ජනතාව නොමඟ යන ලෙස පාවිච්චි කිරීම දකින්නට ලැබිණි.

ජනමාධය තුළ ප්‍රකාශයට පත් වන හෝ වගකිව යුතු කවුරුන් විසින් හෝ ප්‍රකාශයට පත්කරන තොරතුරු පරම සත්‍ය්‍ය ලෙස විශ්වාස කරන්නන් මෙම පුවතත් සත්‍යයක් ලෙස බාරගෙන තිබුණේ කිසිදු සොයා බැලිමකින් තොරවය.

අප මේ පිළිබඳ අදාල වගකිව යුතු පාර්ශ්ව වලින් කළ විමසීමේදී මෙම තොරතුරු මුළුමනින්ම අසත්‍යය බව හෙළිදරව් විය.

2022 වසරේදී ආර්ථික අර්බුදය නිසා මෙරට බරපතල ඉන්ධන හිඟයක් ඇතිව තිබිණි. අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් හෝ ඉන්ධන ලබාගැනිමේ හැකියාවක් නොතිබිණි. මෙරටට ඇණවුම් කරන ලද ඉන්ධන රට තුළට ගැනීම සඳහා අදාල මුදල් ගෙවීමේ හැකියාවක් නොතිබිණි. ඉන්ධන නැව් වරායෙන් එපිට නැව්ගුරංම් දමා දින ගනන්, සති ගන්න තිබුණි. ණයවර ලිපි විවෘත්ත කරගැනීම සඳහා ඩොලර් මෙරට තිබුණේ නැත. ඒ වකවානුව තුළ නම් මේ අර්බුද නිසා මෙරට ඉන්ධන පාරිභෝජනය ඉතාම අඩුවීම සිදුව තිබුණු බව සත්‍යයකි.

එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ වගකීම බාරගැනීමෙන් පසුව එම ගැටලුව විසඳීම සඳහා කඩින්ම පියවර ගැනීමට සමත් වීම මත ඉන්ධන හිඟයට පිළියම් යෙදිනි. ඉන්ධන පෝලිම් අවසන් කරන ලදී. හිඟය කලමණාකරණය කරගැනීම වෙනුවෙන් කිව්ආර් ක්‍රමයක් යොදා ගනිමින් බෙදාහැරීම මුල් අවස්ථාවේ ක්‍රියාත්මක කළ අතර කෙටි කලකින්ම කිව්ආර් ක්‍රමය අත්හැර ඉන්ධන පාරිභෝගිකයන්ට ඇති තරම් ඉන්ධන ලබාගැනීමේ හැකියාව සකස් කරන ලදී.

රටේ අවශ්‍යතාවයට සරිලන තරම් ඉන්ධන තොග ගෙන්වා බෙදාහැරීම සිදුකරන ලද අතර මේ වන විට ඉදිරි මාස කිහිපය සඳහා අවැසි ඉන්ධන තොගද මෙරට තිබේ.

එසේම යළි ඉන්ධන හිඟයක් සහ ඉන්ධන බෙදාහැරීම ගැටලුවක් නොවෙන්න පිළියම් යොදන ලදී. මෙරට ඉන්ධන වෙළඳපොළට නව විදේශ අයෝජකයන් කැඳවා තරගකාරී මිලකට ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට පියවර ගන්නා ලදී. එහි ප්‍රතිලාභයන්ද නුදුරේම ජනතාවට ලැබෙනු ඇත.

මේ වන විට මෙරට සිපෙට්කෝ සමාගමට අමතරව ඉන්දියානු තෙල් සමාගම සහ චිනයේ සයිනොපෙක් තෙල් සමාගම ඉන්ධන බෙදාහැරීම සිදු කරමින් තිබේ. ඇමරිකාවේ ෂෙල් සමාගම හා ඕස්ටේ්‍රලියාවේ යුනයිටඞ් පෙට්‍රෝලියම් සමාගම ද නුදුරේම තෙල් බෙදාහැරීමේ කටයුතු සූදානම්කර තිබේ. මේ අතර සයිනොපෙක් සමාගම හම්බන්තොට දැවැන්ත තෙල් පිරිපහදුවක් ආරම්බ කිරීම සඳහා ද සුදානම් වෙමින් තිබේ. ඒ අනුව මෙම ආසියානු කලාපය තුළ ඉන්ධන බෙදාහැරීමේ පුළුල් ව්‍යාපාරයක් මෙරට ස්ථාපිත වෙනු ඇත. එසේම ඒ අනුව ද නුදුරේදී මෙරට ඉන්ධන මිළෙහි අඩුවීමක්ද සිදුවෙනු ඇතැයි පුරෝකතනය කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) සංඛ්‍යා දත්ත අනුව 2023 මුල් කාර්තුව තුළ ලංකා ඔටෝ ඩීසල් අලෙවිකර ඇති ප්‍රමාණය සහ 2024 මුල කර්තුව තුළ අලෙවිකර ඇති ප්‍රමාණය සැසදීමේදී සියයට 9 ක අඩුවීමක් පෙන්වයි. (අදාල වගුව බලන්න). එසේම ලංකා පෙට්‍රොල් අලෙවිය ද මෙම කාල සීමාව තුළ සියයට 9 අඩුවක් පෙන්වයි. භූමිතෙල් භාවිතය සියයට 103 කින් ඉහළ ගොස් ඇත. යුරෝ 4 ඩීසල් අලෙවිය සියයට 3 කින් සහ ලංකා පෙට්‍රොල් 95 යුරෝ 4 සියයට 5 කින් අඩු වීමක් පෙන්වයි.

fuel cepetco

එහෙත් මෙම අඩුවීමක් පෙන්වන්නේ ද සිපෙට්කෝ සමාගම සතුව 2023 වසරේදී තිබු ඉන්ධන පිරවුම් හල් 1,197 ප්‍රමාණයෙන් 150 ක් එනම් සියයට 12 ක්, එම වසරේ අගෝස්තු මාසයේදී සයිනොපෙක් සමාගමට ලබා දී තිබු තත්වයන් අනුවය. මේ අනුව ඉන්ධන අලෙවියෙහි යම් වැඩිවීමක් මිස කිසිසේත්ම ඉන්ධන අලෙවියෙහි අඩුවීමක් සිදුව නැති බව පැහැදිලිය.

එමෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මුල සහ මෙවර මෙම කාලය හා සැසදීමේදී ඉන්ධන පාරිභෝජනය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් පැහැදිලිය. අනෙක් සමාගම් වල තත්වයන්ද මීට වඩා වෙනස් වීමට හේතුවක් නැත.

මේ වන විටත් රටත් ජනතාවත් මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයන් විසඳාගෙන තවමත් පුර්ණ ස්ථාවරත්වයකට පත්ව නැති බව සිහිබුද්ධියක් ඇති ඕනෑම අයකුට පැහැදිලි තත්වයකි. එහෙත් ඉතා වේගයෙන් තත්වයන් සමනය වෙමින් තිබෙන බවත් පිළිගත යුත්තකි. මෙවර අවුරුදු වෙනුවෙන් ජනතාවගේ සූදානම් වීමත් පෙර වසර තුන තුළ දකින්නට ලැබුනු තත්වයන්ට වඩා ඉහළින්ම සිදුවෙන බවත් පෙන්නෙන්ට තිබෙන සත්‍යයය.

රටේ මේ වන විට සිදුවන ආර්ථික වර්ධනය ක්‍රමයෙන් සහ වේගයෙන් සිදුවීම දරාගැනීමට නොහැකි විපක්ෂ පිරිස්, ජනතාව නොමඟ යවමින් සත්‍යය කරුණු බෙදාහරිමින් තිබෙන බව මේ අනුව පැහැදිලි අතර මෙවැනි බොරු ප්‍රචාරයන්ගෙන් රැවැටී නොසිට සත්‍යය කුමක්ද යන්න සොයා බැලීම ජනතාවට තමන්ගේ ජීවිත යළි අර්බුදයට පත් කර නොගැනීමට හේතු වනු ඇති බවත් සදහන් කරසිටිමු.

- Chatham Street Journal

fuel 1fuel2

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us