සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදයි

Wednesday, 17 April 2024 14:21

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (අප්‍රේල් 17) යෙදී තිබේ.

1960 ජූලි 21 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ශ්‍රීලනිප නායිකාව ලෙස ජය ලබා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූවාය. 1960 – 1964, 1970 – 1977 හා 1994 – 2000 යන වාර තුනක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඒ මහත්මිය පවුලේ සාමාජික, සාමාජිකාවන් වැඩිම සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයන්, අග්‍රාමාත්‍ය ධුරයන් හා ප්‍රබල ඇමැති ධුරයන් දැරූ ප්‍රභූ පවුලක සාමාජිකාවක් වූවාය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය (1956 – 1959) හෙබවූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් අනතුරුව ශ්‍රීලනිප නායිකාව ලෙස පත්විය.

1916 අප්‍රේල් 17 වැනිදා මොලොව එළිය දුටු බණ්ඩාරනායක මැතිනිය රත්නපුර ෆර්ගියුෂන් බාලිකාවෙන්ද, පසුව කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයෙන් සිය මූලික අධ්‍යාපනය ලබාගත් අතර, 1940 ඔක්තෝබර් 02 වැනිදා සිය විවාහයෙන් අනතුරුව 1941 දී විශාලතම කාන්තා ස්වෙච්ඡා සංවිධානය ලෙස සැලකූ ලංකා මහිලා සමිතියට (ලංකා කාන්තා සංගමය) එක්වී ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම හා ආපදා සහන සැලසීම සඳහා මහිලා සමිතිය මගින් ඇරැඹූ සමාජ ව්‍යාපෘතීන් ගණනාවකට සම්බන්ධවී ක්‍රියාකාරී සේවයක් ඉටු කළාය.

1970 මහා මැතිවරණයෙන් 2/3 කට වැඩි අති විශිෂ්ට ජයක් ලැබූ සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණ රජය 1972 දී බි්‍රතාන්‍ය යටත් විජිතයෙන් මිදී සමාජවාදී ජනරජයක් බවට පත්වූ අතර 1972 නව ව්‍යවස්ථාවක් සම්මත කළ අතර 1975 ශ්‍රී ලංකාවේ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී එහි සභාපති ධුරයට පත්වෙමින් නොබැඳි ජාතීන් අතර සබඳතා තරකරමින් ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිකර දුන්නාය.

මෙරට දේශීය කර්මාන්ත ව්‍යාපාර බිහිකරමින්ද ආනයන සීමා ප්‍රතිපත්තිය තුළින් අප රටට අවශ්‍ය දෑ රට තුළම නිපදවීමේ වැඩසටහන හා කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ද ක්‍රියා කළ අතර 1975 දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද පිහිටුවූවාය. 1977 මහා මැතිවරණයෙන් ඒ මහත්මියගේ රජය පරාජයට පත්වූ අතර 1980 ඔක්තෝබර් 16 වැනිදා එකල එජාප රජය මගින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවකින් ඒ මහත්මියගේ ප්‍රජා අයිතිය වසර හතකට තහනම් කරනු ලැබීය. යළිත් 1989 පැවැති මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පත්වූ බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායක ධුරයට පත්වූවාය. 1994 මහා මැතිවරණයෙන් පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණ රජයේ සිය දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිධුරය දැරූ සති දහයක කාලයෙන් පසුව පැවැති 1994 නොවැ. 09 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිය මෑණියන් අග්‍රාමාත්‍ය ධුරයට පත්කළාය.

2000 වසරේ ඔක්. 10 පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණ දිනයේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී සිය ඡන්දය පාවිච්චිකර කොළඹ බලා එමින් සිටියදී හදිසියේ රෝගාතුරුව අභාවප්‍රාප්ත වූවාය.

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us