රණසිංහ ප්‍රේමදාස කියන යූඑන්පී කාරයා.. Featured

Wednesday, 01 May 2024 09:33

ශ්‍රී ලංකාවේ විධායක බලැති දෙවන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වී එළැඹෙන මැයි 01 වෙනිදාට වසර 31 ක් වෙයි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයකු ලෙස නැතිනම් යූඑන්පී කාරයකු ලෙස කළ යුග මෙහෙවර මේ සිදුවීම සමඟ එතැනින් අවසන් වුවත් තවදුරටත් සාකච්ඡා කරන්න තරම් දේවල් ඔහු ඉතුරුකර තබා ඇත.

ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂයට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රධානතම කරුණ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය අනෙක් සියලු පක්ෂ වලින් වෙනස්වීමයි. මෙරට දේශපාලනය තුළ එජාපය කියන්නේ එක් බලකඳවුරට නායකත්වය දෙමින් සහ මෙහෙයවීම සිදුකරමින් තිබෙන ප්‍රබලම පක්ෂය යැයි කිව හැකිය. සාමාන්‍යයෙන් එජාපය හැඳින්වෙන ජනප්‍රිය මතය වන්නේ දක්ෂිණාංශක, ධනවාදී, නව ලිබරල්වාදී, බටහිරගැති පක්ෂයක් විදිහට. තවත් විටෙක නූතනවාදී අනාගතවාදී පක්ෂයක්. එහෙත් වඩා නිවැරදි දේශපාලනික හැඳින්වීම වන්නේ නිදහස් ව්‍යවසාය, පුද්ගලික අයිතිය සහ සමාජීය වශයෙන් සාම්ප්‍රදායික අදහස් පිළිගන්නා මධ්‍යස්ථ මතවාදයක් දරණ එනම් කොන්සවේටිව් පක්ෂයක් ලෙස කරන හැඳීන්වීමය.

කොහොම වුණත් එජාප පාලන සමයේදී ශ්‍රී ලංකාව නිදහස අත්පත් කරගැනීමේ සිට මේ ගෙවෙන 76 වන වසර වන විටත් මෙරටේ රාජ්‍ය බලයට උරුමකම් කියමින් ප්‍රබලම දේශපාලනික මතවාදයක් දරාගෙන සිටී. අද එජාපයේ නායකයා රටේ ජනාධිපතිවරයා ලෙස විශාල වගකීමක් ඉෂ්ඨ කරමින් සිටින්නෙත් යූඑන්පී කාරයකු ලෙස ගොඩනඟාගත් දේශපාලන පෞර්ෂය සහ මතවාදය ඇතිවය.

එජාප දේශපාලනය තුළ කැපී පෙනෙන වැදගත්ම දේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ගත් ක්‍රියාමාර්ගයයන්ය. විශේෂයෙන්ම රට අර්බුදයට ගිය අවස්ථාවල්දී නැවත ගොඩනැගීම සිදු කළේම එජාපය විසින්ය. ඒ හැම මොහොතකමත් රටට ශක්තිමත් නායකත්වයක් ලබාදීමටත් එජාපයට හැකිව තිබිණි. ඩීඑස්ගේ සිට රනිල් දක්වාම එජාපය කටයුතු කළේ තමන්ට අනන්‍ය වූ දක්ෂිණාංශක ආර්ථික ප්‍රතිපත්ති රාමුවක සිටය. එහි දේශපාලනය නූතනවාදී විය, අනාගතවාදී විය. නමුත් රටේ හර පද්ධතීන් ආරක්ෂා කළේය. වරක් රනිල් වික්‍රමසිංහ එජාපයේ මේ විදිහ හැඳින් වුයේ එය ‘ලයිෆ් ස්ටයිල්’ එකක් ලෙසය. ඒ, යූඑන්පී කාරයා හැසිරුනේ, වැඩ කළේ හිතුවේ පැතුවේ ඒකාකාරයකින් නිසාය. එජාපය දේශපාලනයට ජාති ආගම් කුළමල පංති තරාතිරම් වත් පොහොසත් කම් කිසිවක් අදාල වූයේ නැත. සියළු දෙනා අයත් කරගත්තේ ශ්‍රී ලංකික ජාතියටය. දේශපාලන තීන්දු ගත්තේ රට ගොඩනැංවීමට යටත් කරය. පටු දේශපාලන අවස්ථාවාදය තිබුණේ නැත. ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු ගැනීමට බය නොවන්නේ ඒ නිසාය.

අභියෝග බාරගැනීමට බය නොවන්නේ ඒ නිසාය. මේ කියන ගුණයන් ඉහළින් පෙන්වූ යූඑන්පී කාරයකු ලෙස රණසිංහ ප්‍රේමදාස හැඳින් විය හැකියි.

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික සමාජීය අර්බුද හමුවේ එයට ජනාධිපති රනිල් විසඳුම් සොයමින් යළි රට ගොඩනැගීම වෙනුවෙන් අති විශේෂ කාර්භාරයක් කරමින් සිටින මොහොතක, ආර්.ප්‍රේමදාසගේ එජාපයට උරුම දේශපාලන භාවිතාවේ වැදගත්කම තවදුරටත් අවධාරණය වෙයි.

අනෙක් අතකින් යුඑන්පී කාරයෙක් විදිහට හිතල මතල වැඩ කර, රට අර්බුදයකට නොයවා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නත් රටේ දුප්පත් ජනතාව නඟා සිටුවීම වෙනුවෙනුත් ඔහු කළ මෙහෙය මේ මොහොතේ මතක කළ යුතුව තිබෙන්නේ විශේෂයෙන්ම ඔහුගේ පුත්‍රරත්නය වන සජිත් ප්‍රේමදාස, තමන්ගේ පියාගේ නම අවභාවිතා කරමින් කරන පිස්සු කෙලීම මේ වෙලාවේ අවධාරණය කළ යුතු නිසාය. සජිත්, පියාණෝ පියාණෝ ගාගෙන, තමන් පියාණෝගේ අඩි පාරේ යනවා කියාගෙන කරන ව්‍යාජ රංගනය ආර්.ප්‍රේමදාසගේ යූඑන්පී භාවිතය හමුවේ හෙළිදරව් වීමත් වැලැක්විය නොහැකිය.

සජිත් ප්‍රේමදාසට හෝ ඔහුගේ සමගි ජන බලවේගයට ආර්ථික හෝ සමාජීය කරුණු ගැන ස්ථිර සාර ප්‍රතිපත්තියක් අද ඇත්තේ නැත. උදේ කියන දේ හවස වෙනස් වෙන තත්වයන් දැන් පෙන්නුම් කර ඇත. තමන් පිය උරුමය රකිනවා කීවද පියා කළේ මොකද කියා අවබෝධයක් සජිත්ට නැත. ඔහු පියාගෙන් අල්ලාගෙන ඇත්තේ ජනතාවට ‘සහන ලබාදීම’ ගැන කියපු වචන දෙක පමණි. ඒ නිසා පියා කළ වැඩ වලින් දන්නේ සහන දීම ගැන විතරය.

ආර් ප්‍රේමදාස නැති බැරි ජනතාව වෙනුවෙන් සුබසාධනවාදී වැඩපිළිවෙලක් දියත් කළේ රාජ්‍ය ආදායම් නාස්ති කරමින්, හිතෙන හිතෙන විදිහට රාජ්‍ය ආදායම් සහනධාර කර බෙදා හැරීමෙන් නොවේ. සජිත් තමන්ට මුණ ගැහෙන පුද්ගලයා කවුද, යෝජනා කරන්නේ ඔහුට තමන්ගේ ආණ්ඩුවක් ආවාම සහනාධාරයක් ලබාදීම ගැනය. නමුත් ඒ කියන සහනාධාර දෙන්න රජය ආදායම් හොයා ගන්නේ කොහොමද කියා සජිත් දන්නෙ නැත. මේවා ප්‍රශ්න කළ විට කියන්නේ, රාජපක්ෂලා හොරකම් කරලා පිටරට සැඟවූවා කියන සල්ලි හොයාගෙන කරන බවය. දානපති ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි අරගෙන සහන දෙන බවය. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද කියා අපි දන්නේ නැත. පිටරට සැඟවූ සල්ලි හොයාගෙන එනවා කියන එක බොරුවකි. ලෝක අත්දැකීම් අනුව එය මේ කපේදී කළ හැකි දෙයක් ද නොවේ. සල්ලි වලට වෙන කරන්න දෙයක් නැතිව පිනට දෙන අය සිටිය හැකි නමුත් දානපති ව්‍යාපරිකයන්ගෙන් දේවල් ගන්න තරමට දේවල් ඔවුන්ට ලබා දීමට සිදුවෙන බව රහසක් නොවේ. ඔවුන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවේ. දෙන දේ මෙන් තුන් හතර ගුණයක්වත් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් මිස එහෙම නිකම් පුදන අය නැත. මේක සජබයට පමණක් නොව අනෙක් දේශපාලන පක්ෂ වලටත් අදාලය. මේ ආපසු ගෙවීම කරන්න වෙන්නේ රාජ්‍ය ආදායම් හෝ වත්කම් වලිනි.

රජයේ වංචා දූෂණ වලක්වනවා කියන ගමන්, විනිවිධභාවයෙන් වැඩකරනවා කියන ගමන් මේ වැඬේ කළ නොහැකිය. අනෙක සහනධාර බෙදීම හැමදාමත් කළ හැකි නොවේ. රජය වැය කළත් සජිත්ගේ දානපතියන් වැය කළත් සහන දි දී නිකම් කකා ඉන්න ජනතාවක් එක්ක රටක් කරවන්න නොහැකිය. සහන ප්‍රතික්ෂේප කරන තැනට ජනතාව ගොඩනැංවීම විය යුතු දෙයයි. මේ රටේ ආර්ථිකය බංකොලොත් වෙන තැන දක්වා ආවේ මේ සහනාධාර කෙලිය, ආර්ථික වර්ධන අරමුණක් නොමැතිව වුවමණාවට වඩා සිදුවීම නිසාය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා සමාජ සුබසාදන සේවාවන් රැසක් සිදු කළේ රටේ ආර්ථිකය නංවාලීම අරමුණු කරගත් වැඩ පිළිවෙලක් තුළ සිටය. යුඑන්පීයේ ක්‍රමය වුණේ එයය. “දිළිඳුකම පිටු දැකීම, නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම” කියන සංකල්ප මෙරට දේශපාලන ශබ්ද කෝෂයට එක් කළේ යූඑන්පී දේශපාලනයයි. ආර්.ප්‍රේමදාස ක්‍රියාත්මක කළේ ඒ යුඑන්පී ප්‍රතිපත්තියය. මේ වචනාර්ථ තුළම තිබෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ගැනය.

ජනසවිය, ගම් උදාව, සෙවන මා පිය කැපකරු ක්‍රමය, පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ, පාසල් නිල ඇඳුම්, මාවතේ අපි වැඩපිළිවෙළ, උණ බම්බු ගේට්ටු වැඩපිළිවෙළ, කැපකරු ගම්මාන වැඩ පිළිවෙළ, සෙවන අරමුදල, ග්‍රාමෝදය වැඩපිළිවෙළ ආදී ප්‍රේමදාස යුගයේ ජනප්‍රිය ව්‍යාපෘති ජනතා සුබසාදනය වෙනුවෙන් කළ දේ වුවත් ඒ තුළ තිබුණේ රටේ ආර්ථිකය සවිමත් කර රටට නැවත ආයෝජනයක් වන වැඩපිළිවෙලකි.

ජනසවිය කියා නැති බැරි ජනතවට නිකම් සල්ලි බෙදුවේ නැත. එය සමාජ සවිබල ගැන්වීමේ සාර්ථක වැඩපිළිවෙලක් විය. නැති බැරි මිනිහා ඇති හැකි අයකු කර ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් කර රටේ දිළිදු බව තුරන් කිරීමේ පුළුල් වැඩසටහනක් විය. මේ ආකාරයෙන් අනෙක් සෑම වැඩපිළිවෙලක්ම ඉලක්ක කළේ රටේ ආර්ථිකය නංවාලීම වෙනුවෙනි. නැවත රජයට ආදායම් වැඩිකරගැනීමේ ඉලක්කය ඇතිවය. එමෙන්ම මේ බොහෝ සුබසාධන වැඩපිළිවෙල දියත් කළෙත් පෙර යුගවල පැවැති පොදු සහනාධාර ක්‍රමවේදයන් ඉවත්කර අඩු ආදායම් ලාබීන් පමණක් ඉලක්ක කරමින් රාජ්‍ය ආදායම් කළමණාකරණය කරගෙනය. දකින දකින කෙනාට සහන බෙදාහැරීමේ පිස්සු වැඩ කෙරුනේ නැත. ජීවිත කාලයටම සහන දෙන වැඩ කළේ නැත.

මේ ප්‍රේමදාස ජනාධිපතිගේ ආර්ථික ප්‍රතිපත්තිය අමුතු වෙනස් යමක් නොවෙයි. එය යුන්පියේම ප්‍රතිපත්තියය. කරපු විදිහේ වෙනස්කම් නම් ගම් වල වෙනස්කම් නිසා ඒ ප්‍රේමදාස ප්‍රතිපත්තිය ලෙස හැඳින්වීමට ලක්ව තිබේ. ඒ කොහොම වුණත් මේ සුබසාධනවාදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් රටේ ආදායම් වර්ධනය කරගැනීම වෙනුවෙන් ප්‍රේමදාස යුගයේදී ගත් සුවිශේෂී පියයවරයයන් කිහිපයක්ම තිබේ.

වාම-ජාතිකවාදයට යටවී රටේ ආර්ථිකය පල්ලම් බැසගෙන බංකොලොත් වෙන තැන දක්වා එන විට 1977 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සිදු කළ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් රට යළි නඟා සිටුවීමට හේතු විය. එදා අගමැතිවරයා ලෙසත් ආර්.ප්‍රේමදාස යුඑන්පී ප්‍රතිපත්තිය නව්‍ය ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වූවෙකි.

ආර්.ප්‍රේමදාස ජනාධිපති සමය හැඳින්වෙන්නේ ලිබරල් කරණයේ ‘දෙවන අදියර’ සහ පෞද්ගලිකකරණයේ ‘පළමු රැල්ල’ ඇති වූ යුගය ලෙසය. 77 දී ආර්ථිකය විවෘත්තකර ලිබරල්කරණයට ලක් කළත් රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණයට ලක් කිරීම ප්‍රමාදකර තිබිණි. එදා ගත් පියවර වූයේ රාජ්‍ය ඒකාධිකාරය ක්‍රමයෙන් ඉවත් කරමින් පෞද්ගලික අංශයට තරගකාරී ලෙස වෙළඳපොළට පිවිසීමේ අවස්ථාව ලබා දීමය. රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලිකකරණය පිළිගැනීම 1987 දී අය වැය යෝජනාවලියේදී සිදු කළේය. ඒ අනුව රජයට විශාල බරක් වෙමින් තිබුණු රාජ්‍ය ව්‍යවසායයන් කොටස් වෙළඳපොළ හරහා පෞද්ගලික අංශයට පැවැරීමේ තීරණය ගන්නා ලදී. මෙම පියවර ක්‍රියාත්මක වීම ඇරඹුණේ 1988 දී ජනාධිපතිධුරයට පත් ප්‍රේමදාස යුගයේදීය.

එහෙත් 1987 සිට ජනතා විමුක්ති පෙරමුණේ භීණයත්, උතුරේ යුද්ධයත් නිසා දෙකොන ඇවිළුණු විලක්කුවක් මෙන් වූ රටක් බාරගැනීමට ආර්.ප්‍රේමදාසට සිදුව තිබිණි. ජවිපෙ විසින් රටේ ආර්ථිකයට කළ මහා විනාශය නිසා, එතෙත් කල් සියයට 5 ක පමණ සාමාන්‍යයයක තිබු රටේ ආර්ථික වර්ධන වේගය 87 දී 1.7 කටත් 88 දී 2.4 ටත් 89 දී 2.3 කටත් පහත වැටීණි. නමුත් සාමකාමී විසඳුමකට කැමැති නොවු ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමත්, එල්ටීටීඊය තාවකාලිකව හෝ සාම විසඳුමකට එකඟකර ගැනීමත් නිසා 1990 වසරේ සිට ආර්ථික වර්ධනය සියයට 6 කට වඩා වර්ධනය කරගැනීමට හැකි විය. එදා මෙය දකුණු ආසියානු කලාපය තුළ ඉහළම වර්ධනයක් විය.

ආර්ථික වර්ධනය වෙනුවෙන් ගත් පියවර අතර පෞද්ගලිකකරණය සහ පෞද්ගලික අංශයට වැඩි ඉඩක් විවර කිරීම හරහා සිදු වූ කාර්මික නිශ්පාදනයේ වර්ධනය සහ අපනයන විවිධාංගීකරණය විශාල හේතු විය. නිදහස් වෙළඳ කලාප, කර්මාන්ත පුර සහ එතැනින් බාහිරව ඇඟළුම් කම්හල් 200 ක් විශේෂයෙන්ම වියළි කලාප හා දුෂ්කර ප්‍රදේශ වල ස්ථානගත කිරීම අතිශය වැදගත් පියවරයන් විය. මේවාටත් එරෙහිව, රටේ ගෑනුන්ව සුද්දංගේ ජංගි මැසීමට යොදනවා කියමින් වාම- ජාතිකවාදීන් විශාල විරෝධයක් මතුකර තිබිණි. නමුත් 1992 වන විටම රටේ අපනයන ආදායමේ වැඩිම පංගුව ගෙන ආවේ ඇඟළුම් කම්හල් විසිනි. විදේශ ආයෝජන සඳහා තිබු බාධා ලිහිල් කිරීම සිදු වූ අතර එහි ප්‍රතිපලය වූයේ 1990 සහ 2000 අතර කාලය තුළ විදේශ ආයෝජන 3 න් ගුණයකින් ඉහළ යෑමට අවස්ථාව උදාවීමය. ඒ අනුව අපනයන ආදායම් විශාල ලෙස වැඩි විය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ සුබසාධන වැඩපිළිවෙල දියත් කළේ ජනප්‍රිය නොවන දුෂ්කර ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයයන් රැසක් ක්‍රියාත්මක කරමින් රටේ ආදායම් වර්ධනය කරගැනීමෙනි. නියම යූඑන්පී කාරයන්ගේ පිළිවෙල එහෙමය. ගස සිටවා පළතුරු නෙලාගෙන කනවා මිස, අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන පළතුරු කකා හිටියේ නැත.

වර්තමානයේ ජනාධිපති රනිල් ක්‍රියාවට නඟා ඇත්තේ මේ යූඑන්පී ප්‍රතිපත්තියය. සජබය තුළ යූඑන්පී ප්‍රතිපත්ති නැතැයි ඔහු කියන්නත් එයත් හේතුවකි. සජිත් ප්‍රේමදාසලා ජනතාවට යෝජනා කරන්නේ කොහෙන් හරි හිඟා කෑමක් ගැනය. උත්පාදනයක් ගැන කතා නැත.

මේ නිසා යුඑන්පිය කඩාගෙන ගිහින් සැබෑ යූඑන්පිය හදනවා කියමින් සමගි ජන බලවේගය හැදුවාට දැන් එය හිඟන ජන බලවේගයක් බවට පත්ව ඇත. මේ අයට බලය යෑමක් සිදු වුවහොත් රටම හිඟමනට වැටීම හැර වෙනකක් වන්නේ නැති බවත් සහතික කර කිව හැකිය. ප්‍රේමදාස ජනාධිපතිවරයා පුතාණෝගේ මේ වැඩ දකින්න අද සිටියා නම් මෙහෙම පුතෙක් හදපු එක ගැන ලැජ්ජාවට පත් වෙනවාටත් සැක නැත.

- ජයතුංග බණ්ඩාර

The Chatham Street Journal

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us