මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් අමරිකාවේ පුර්ණ සහය

Published in පුවත්
Thursday, 11 April 2024 07:21

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඊයේ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය ලබා දෙන බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. කඩිනම් ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය අගය කරන බව සඳහන් කළ සුලිවාන් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන මඟින් පෙන්වා දී ඇති රාජ්‍ය මූල්‍ය, මුදල් සහ පාලන යන ක්ෂේත්‍රයන්හී සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයන් හා ඒ පිළිබඳ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, කලාපයේ සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර පවතින අන්‍යොන්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැපවන බව ද සුලිවන් මහතා පැවසූ බව සඳහන් වේ.

මෙම අවස්ථාව ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ කැපවීම පෙන්නුම් කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us