අලුත් අවුරුද්දේ පළමු නැකැත් චාරිත්‍රය අදයි

Published in පුවත්
Thursday, 11 April 2024 07:27

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද තවත් දින තුනකින් උදාවීමට නියමිතය.

මේ අතර අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 15 වන දිනට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා පිටව යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම පෞද්ගලික බස් හිමියන් ද පියවර ගෙන තිබේ.

අතිරේක බස් රථ මෙන්ම විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ගම්බිම් බලා පිටව යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ.

අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us