subash
විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට -පොහොට්ටුව තීරණයක
පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
සිංහල හා දෙමල මාධ්‍ය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනු ඇත.
ත්‍රස්ත ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගන්න උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි -මියන්මාර් ශ්‍රීලංකා තානාපති කියයි
මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.
මහ බැංකුවේ දැනට සේවය කරන නිලධාරීන්ගේ හා විශ්‍රාමික නිලධාරීන්ගේ දූ දරුවන්ට අවස්ථාව ලබාදීමට, මෙතෙක් පැවැති විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රමය වෙනුවට ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය හරහා විභාග පවත්වා එම බඳවා ගැනීම් සිදු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.
විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය -ජනපති
විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර සුබසාධන මධ්‍යස්ථාන වසා දැමීමට පියවර -අවතැන්වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපති කියයි
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.
වීදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොළඹ ප්‍රදේශයේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහි පළමු පියවර කොළඹ කොටුව දුම්රිය පොළ අසල ඇති ආපනශාලා හා භෝජනාගාර පරික්ෂාවට ලක් කෙරුණා.
අප්‍රේල් මස 15 වනදා රජයේ නිවාඩු දිනයක්ද ? නැද්ද ? තීරණය අද
අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානයට යොමු කිරීමට නියමිත ව තිබේ.
