උතුරු, නැගෙනහිර සුබසාධන මධ්‍යස්ථාන වසා දැමීමට පියවර -අවතැන්වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපති කියයි

Published in පුවත්
Tuesday, 09 April 2024 07:14

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10ක් බව එම අමාත්‍යංශය පැවසුවේය.

උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ අවතැන්ව සිටි පවුල්වලින් මේ වනවිට සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1,502ක් රැඳී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේය.

ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර ඇති අතර ඔවුන්ට ඉදිරියේදී නිවාස ලබාදීම නියමිතය.

එමෙන්ම ඉඩම් අහිමි අනෙකුත් සියලුදෙනාට කඩිමින් ඉඩම් ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට උපදෙස් දී ඇති අතර ඔවුන් සඳහා ද ඉදිරියේ දී ඉඩම් නිදහස් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us