වීදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 09 April 2024 07:03

වීදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවත් කංචන විජේසේකර නිකුත් කළ X පණිවිඩයේ සඳහන් ය.

විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකිරීම සදහා ඉදිරිපත්කෙරුණු ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණේ එහි මතුව තිබුණු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ය.

මේ කෙටුම්පත පසුගිය දෙසැම්බර් මස 09 වැනිදා ගැසට් පත්‍රෙය් පළ කර තිබුණි.

පල කළ කෙටුම්පතේ සිංහල භාෂා පිටපතේ මුද්‍රණ දෝෂ රැසක් පැවතීම මේ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචනයකි.

ඒ අනුව එය සංශෝධනය කිරීමට කටයුතු කෙරිණ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us