අවුරුදු සමයට බඩු මිල පහතට

Published in පුවත්
Monday, 08 April 2024 17:53

එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ.

ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850කි.

චීනයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් ලෙස සටහන් වෙයි.

එසේම ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූණු කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 445කි.

සුදු ලූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් ලෙස සටහන්ව තිබේ.

අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි.

එසේම රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් ද පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us