විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය -ජනපති

Published in පුවත්
Tuesday, 09 April 2024 07:48

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවය.

මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

"මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18 දී. 21 දී එළියට ආවා. අද ඇතුළු වෙන්නේ 21 දී. මම දැන් සාකච්ඡා කරගෙන යනවා 2025 හෝ 2026 සිට නීතියක් පනවමු දෙසැම්බර් මාසයේ මේ විභාගය තියන්න ඕනේ. මේ මාසයේ ඒ අයව විශ්වවිද්‍යාලයට ඇතුළු කළ යුතුයි කියලා. ඒක කැඩුවොත් දඬුවම් කරන විදියට කරන්න. අනික විශේෂයෙන්ම අපි සාකච්ඡා කරගෙන යන්නේ, විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදලා එකකට පාසල් විභාග භාරදෙන්න. අනික් අයට අනිත් විභාග භාරදෙන්න. මොකද පහේ විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළට අමතරව මේ අය විභාග 50ක් - 100ක් විතර කරනවා රජයේ. මේක වෙන්කරලා අපි වෙනම අංශයක් දාමු රජයේ විභාග පවත්වන්න."

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යා විෂයට අදාළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන දිනයන් පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

ඒ ලබන 20 වැනිදා සිට 29 වැනිදා දක්වා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති පරීක්ෂණ මධ්‍යස්ථාන 39කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, පාසල් අයදුම්කරුගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us