මහ බැංකුව අත්තනෝමතික බඳවාගැනීම් කරන බවට චෝදනාවක්

Published in පුවත්
Tuesday, 09 April 2024 10:51

මහ බැංකුවේ දැනට සේවය කරන නිලධාරීන්ගේ හා විශ්‍රාමික නිලධාරීන්ගේ දූ දරුවන්ට අවස්ථාව ලබාදීමට, මෙතෙක් පැවැති විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රමය වෙනුවට ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය හරහා විභාග පවත්වා එම බඳවා ගැනීම් සිදු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහා කළමනාකරණ අභයාසලාභීන් බඳවාගැනීමේ තරග විභාගය මේ දක්වා පවත්වනු ලැබුවේ විභාග දෙපාර්තමේන්තුව හරහාය. කෙසේ වෙතත් 2023 කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවාගැනීමට අදාල විභාගය බැංකු කරුවන්ගේ ආයතනය හරහා පවත්වන ලදි.

ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය, මහ බැංකුවේ දැනට සේවයේ නියුතු ඉහළ නිලධාරින් විසින් පාලනය කරනු ලබන ආයතනයක් වන අතර මහ බැංකුවේ දැනට සේවයේ නියුතු නියෝජ්‍ය අධිපතිනිය එහි මුල් පුටුව හොබවනු ලබයි.

මෙවර අදාල තරග විභාගය සදහා මහ බැංකුවේ දැනට සේවය කරන නිලධාරීන්ගේ හා විශ්‍රාමික නිලධාරීන්ගේ දූ දරුවන් රැසක් සහභාගී වී ඇති අතර එම හිතවත්කම් මත බඳවාගැනීම සිදු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය හරහා මෙම විභාග පවත්වන ලද්දේ ද යන්න සැකය මුතුව තිබේ..

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සුළු සේවකයන් උසස් කිරීම සඳහා වන අභ්‍යන්තර තරග විභාගයද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වා තිබුණි.

කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ තරග විභාගය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මේ වන විට ආයතනයේ සේවකයන් විසින්ම අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකර තිබෙන අතර, එම නඩුව මාර්තු මස 18 වැනිදා කැඳවූ අතර එය විභාග කිරීම කල් ගොස් ඇත.

ඉහත තරඟ විභාගය සඳහා අයදුම්පත් 2019 වසරේදී ද කැඳවන ලද අතර 2019.10.15 දිනට උපරිම වයස් සීමාව අවුරුදු 30 වන අයදුම් කරුවන්ට අවස්ථාව සලසා දී තිබු අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් අදාල විභාගය පවත්වන ලදි.

01 Management Trainee Central Bank of Sri Lanka

 

 

 

 

 

 

නැවතත් වසර 4ට පසු මෙම විභාගය සදහා අයදුම්පත් 2023 වසරේ කැදවූ අතර 2023.10.10 දිනට උපරිම වයස් සීමාව අවුරුදු 30ක් ලෙස සීමා කර තිබුනි.

 

02 Management Trainee Central Bank of Sri Lanka

 

 

 

 

 

සාමාන්‍යයෙන් රැකියා සඳහා බඳවාගැනීමට පවත්වනු ලබන තරඟ විභාග වසර දෙකකට වරක් පවත්වනු ලබයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය,ශ්‍රී ලංකා සැලසුම් සේවය, දේශීය ආදායම් සේවය මහජන බැංකුව හා ලංකා බැකුව සඳහා බඳවාගැනීමේ තරඟ විභාග දැක්විය හැක. එලෙස සිදු කිරීම මගින් වයස් සීමාව ඉක්මවා යාම මත කිසිදු අපේක්ෂකයෙකුට අවාසියක් සිදු නොවේ. නමුත් මෙම විභාගය පවත්වනු ලබන්නේ වසර හතරකට පසුවය.

පසුගිය කාල පරිජේදය තුළ රටේ පැවති ත්‍රස්තවාදී කටයුතු (2019 තුළ ඇතිවූ පාස්කු ප්‍රහාරය), කොරෝනා වසංගතය (2020-2022), දේශපාලන අස්ථාවර භාවය(2021-2022 ) සහ 2022 සිට මේ දක්වා පවතින ආර්ථික අර්බුධය ආදි හේතූන් නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් උපාධි ලබාගත් ශිෂ්‍යන්ටද සුදුසුකම් සපුරාගැනීමට වැඩි කාලයක් ගත කිරීමට සිදු විය. එවන් පසුබිමක් තුළ මහ බැංකුවට කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවාගැනීමේ වයස් සීමාව තවදුරටත් වයස අවුරුදු 30 දක්වා සීමා කොට තිබුණි.

එහෙත්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරී තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය 2018 වසරේදී අවසන් වරට පවත්වනු ලැබූ අතර එහිදී බඳවා ගනු ලැබූ උපරිම වයස් සීමාව අවුරුදු 28 ක් වන නමුත් එම විභාගය 2023 වසරේදී පවත්වන විට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දමා තිබුණි.

එමගින් තමාට පාලනය කළ නොහැකි හේතූන් මත තම අධ්‍යන කටයුතු ප්‍රමාද වූ විභාග අපේක්ෂකයන් හට සාධාරණයක් ඉටු කොට ඇත.

එමෙන්ම ,පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු නිලධාරී හා සහකාර පරීක්ෂණ නිලධාරී යන තනතුරු දෙක සඳහා බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව ද වයස අවුරුදු 35 දක්වා ඉහළ දමා තිබුණි. පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු නිලධාරී හා සහකාර පරීක්ෂණ නිලධාරී යන තනතුරු දෙක සඳහා බඳවාගැනීමේ උපරිම වයස් සීමාව ද වයස අවුරුදු 35 දක්වා ඉහළ දමා තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහා කළමනාකරණ අභයාසලාභී තනතුර සඳහා බඳවාගනු ලබන්නේ තරග විභාගය සඳහා උපරිම ලකුණු ලබාගන්නා සිසුන් සම්මුඛ පරීක්ෂණයකට යොමුකර බැවින් වයස් සීමාව වැඩි කළද කිසිදු අපේක්ෂකයෙකුව අසාධාරණයක් නොවේ.

මෙම තරග විභාගයට පෙනී සිටීමට අදාල උපරිම වයස් සීමාව ද අවුරුදු 35 දක්වා ඉහළ දමන ලෙස විශාල උපාධිධාරීන් පිරිසක් ඉල්ලීම් කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එය නොසලකා හැරීම තම හිතවතුන්ගේ අවශ්‍යතාවය ඉටුකිරීමට ගත් පියවරක්ද යන්න ගැන සැකයට තුඩුව තිබේ.

මහ බැංකුව ස්වාධීන කිරීම මගින් බලාපොරොත්තු වූයේ සාධාරණ යුක්ති සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමය. නමුත් එය මෙවැනි කටයුතු හරහා පෙන්නුම් කරන්නේ නැත.

ඉතා අගහිඟකම් වලින් යුක්තව නිදහස් අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනය ලබා තම උපාධිය සම්පූර්ණ කළ රටේ දූ දරුවන්ට මෙවැනි ඉහල පෙළේ රැකියාවකට යාම අකැපද? යන ප්‍රශ්නය දැන් තිබේ.

Management Trainee Central Bank of Sri Lanka copy

Last modified on Tuesday, 09 April 2024 10:53

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us