subash
උත්සව සමයේ “සේල් '' බඩු ගනිද්දී පරිස්සමින් - කල් ඉකුත් වීමට ආසන්න බඩු විකුණුවොත් වහාම දන්වන්න අංකයක්
එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විශේෂ දැනුම්දීමක් සිදු කරමින් පවසයි.
පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් වලදී කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
තමන්ගෙ සහ බිරිඳගෙ ගමේ හෝ ආසන්න ගමක සේවය කිරීම මින් මතුවට තහනම්..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගමේ පොලිසියට, බිරිඳගේ ගමේ පොලිසියට හෝ ගමට ආසන්නතම පොලිසියට සේවය කිරීම සඳහා ඉඩ නොදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.
ගාසා තීරයේ සටන් විරාමයකට ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මතවේ
ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබේ.
දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (26) මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය සේවකයින්ට වැඩි කළ රුපියල් 10,000ක දීමනාව සහිත අප්‍රේල් මස වැටුප ලබන 10 වැනි දා ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ශ්‍රී ලංකාවේ පළමු වරට ධාන්‍ය බීජ වියලීමට යොදාගත් Solar tunnel dryer ක්‍රමය සාර්ථකයි
ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක සෝලා ටනල් ඩ්‍රයර් ක්‍රමවේදය සාර්ථක වී තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි.
මත්පැන් වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදාවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පැවසුවේය.
-P.M
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
