ශ්‍රී ලංකාවේ පළමු වරට ධාන්‍ය බීජ වියලීමට යොදාගත් Solar tunnel dryer ක්‍රමය සාර්ථකයි

Published in පුවත්
Monday, 25 March 2024 12:23

ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක සෝලා ටනල් ඩ්‍රයර් ක්‍රමවේදය සාර්ථක වී තිබෙනවා.

බඩ ඉරිගු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උදු වැනි බීජ ආරක්ෂිතව වියලීම සදහා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දුන්නා.

මෙය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මකයි.

සෝලා ටනල් ඩ්‍රයර් ලෙස හදුන්වන පද්ධතිය වවුනියාව නෙළුක්කුලුමේ දී විවෘත කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන්.

සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලියෙන් ක්‍රියාත්මක වීම විශේෂත්වක්.

ඊට අමතරව මුළු ගබඩාවම විදුරු ආවරණයකින් වැසී ඇති නිසා හිරු එළිය අඛණ්ඩව ලැබීම හේතුවෙන් රාත්‍රී කාලයේ දී බීජ වියලීම සදහා උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව ලබා ගත හැකියි.

පළමුවරට මෙරටට හදුන්වාදුන් මෙම ව්‍යාපෘතිය සාර්ථක වී ඇති බව එහි අධ්‍යක්ෂ ආචාර්ය රෝහාන් විජේකෝන් පවසනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us