ඉයේ කිරිපිටි මිල අඩු වුණා. පරිප්පු සීනි වල මිල මේ වෙද්දි මිල අඩුවීමක් සිදුවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රේගුව විසින් ඉක්මනින් තොග වෙළඳපොළට නිදහස් කරලා තියෙනවා. අද අත්‍යාවශ්‍ය ආහාර වල මිල සීග්‍රයෙන් අඩු වෙලා යනවා. ආනයනකරුවෝ බලාපොරොත්තු වෙනවා ඩොලර් මිල තවත් පහළ බසී කියලා. ආනයනකරුවන්
ණයවර ලිපි වලට මෙ බඩු ආනයනය කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ලොස්ට් ඒකක් වෙන නිසා අඩු මිලට හෝ පාරිභෝගිකයාට ලබාදීමට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. තොග වෙලෙදපොලෙන් අඩුවට මේ බඩු විකුණුනාට සිල්ලට වෙළෙදපොලට ගියාම මෙ මිල අඩුවෙනවද කියන ඒක ගැටලුවක්. රාජ්‍ය යාන්ත්‍රණය විසින් මෙයට මැදිහත්වීමක් සිදුවිය යුතුයි.
උත්සව සමය වන විට සියලු භාණ්ඩ වල මිල දැනෙන ලෙස අඩු විමක් සිදු වෙනවා. දේශීය කිරිපිටි නිෂ්පාදනකරුවන්ටත් වෙළඳපොළ තුළ රැඳී සිටීමට නම් මිල අඩු කළ යුතු වෙනවා
- රන්ජනා