ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් - මහ බැංකු අධිපති

Published in පුවත්
Wednesday, 27 March 2024 09:33

ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළකරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණ කළේය.

ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමටද මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකු නවතම වාර්තාවන්ට අනුව 2024 පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල වත්කම් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක්.

වසරේ පළමු මාස දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ ප්‍රෙෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 964ක් වන අතර, එම මාස 2 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 687කි.

එමෙන්ම රුපියල 2024 වසරේ මේ දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව 6.7%කින් අධිප්‍රමාණය වී තිබේ.

4% ත් 5% ත් අතර උද්ධමන ප්‍රතිශතයක් ඉදිරියේදී පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

අත්කරගත් ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්ද මහබැංකු අධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

 මේ අතර රජය විසින් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම නිසා බැංකුවලින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ අපහසුවක් ඇති විය හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ඊයේ (26දා) මහ බැංකු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ, මේ තීරණය නිසා ණය ලබාදීමේ පහසුව වැඩි නොවන බවත් මෙය ණය සැපයීමට හොඳ නැති බවයි.

අධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියා,

මේ තුළින් බැංකුවලින් ණය ලබාදීම අදිමදි වෙන්න පුළුවන්. බැංකු ණය ලබාදෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල්වලින්.

ඒ තැන්පත්කරුවන්ගේ මුදල්වලින් දුන් ණය අයකර ගැනීමට බැංකුවලට බාධාවක් තියෙනවා නම් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේදී බැංකු විසින් මීට වඩා යම්කිසි ආකාරයක පරිස්සම් වීමක් වෙන්න පුළුවන්.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us