රජයේ රථගායේ තරම හෙළි වෙයි. කිලෝමීටරයකට රු.300ක් නාස්ති කරලා !

Published in පුවත්
Wednesday, 27 March 2024 09:40

කිලෝමීටරයක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන කිලෝමීටරයක් රු.100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකදත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි විය.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර ගැනුණි.

මෙහිදී අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවත් ඉන් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත්ය.
මේ අනුව වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවද මෙහිදී අනාවරණය විය.

එසේම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රු.300ත් 500ත් අතර වන බවද මෙම පර්යේෂණ පත්‍රිකාව අනුව හඳුනාගෙන තිබුණි.

නමුත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රු.100 ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව මෙහිදී මෙම පර්යේෂණයේ දත්ත අනුව හඳුනා ගැනුණි. මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රු. බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව මෙහිදී අනාවරණය විය.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කළේය.

එසේම සුනිත්‍ය බලශක්තිය සම්බන්ධයෙන් මෙරට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමද මෙහිදී සිදු විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us