රටට ඩොලර් ඉතිරි කරමින් පැෂන් පෘට් හා ජම්බෝ පීනට් නිෂ්පාදන ආශ්‍රිත ආදර්ශ උද්‍යානය විවෘතවේ

Published in පුවත්
Wednesday, 27 March 2024 10:04

කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය සහ ශ්‍රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු (Jumbo Peanut) නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දෙන ලද මෙම පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානයේ ගොවීන් 200 දෙනකු විසින් පැෂන් පෘට් වගාව ආරම්භ කර ඇති අතර එම ගොවීන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවන ලද පැෂන් පෘට් නිෂ්පාදන ගොවි කර්මාන්ත ශාලාව ද අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදි.

අපනයනය මෙන්ම දේශීය වෙළෙඳපොළ ද ඉලක්ක කර ගනිමින් මෙම පැෂන් පෘට් වගාව සැලසුම් කර ඇති අතර නව තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි මෙම උද්‍යානය තුළ පැෂන් පෘට් වගා කරනු ලබයි.

එමෙන්ම කිලිනොච්චියේ කරච්චි හා කන්ඩාවලයි ගම්මාන දෙකෙහි ගොවීන් 500ක් විසින් වගා කරන ජම්බෝ රටකජු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන 2K Jumbo Peanut Manufacturing (Pvt) Ltd. ආයතනයද ඇමැති අමරවීර මහතා අතින් විවෘත විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද ලංකා ජම්බෝ රටකජු ප්‍රභේදය මෙම ගොවීන් විසින් වගා කරනු ලැබිමට නියමිතය. මෙම වගාව හා සැකසුම් මධ්‍යස්ථානය ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර තිබේ.

මෙම ජම්බෝ රටකජු නිෂ්පාදන ආයතනය විසින් ජම්බෝ රටකජු ආශ්‍රිත නිෂ්පාදන රැසක් සිදු කරයි. ඒ අතර ජම්බෝ පීනට්ස්, ජම්බෝ පීනට් බටර්, Fried Peanuts, Peanuts Biscuits, Raw Jumbo Peanuts, Roasted jumbo peanuts, Peanut Halva, Peanut Oil, peanut pakoda, ඇතුළු නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ. මෙහිදී ජම්බෝ රටකජු වගාව සඳහා අවශ්‍ය වන යන්ත්‍ර ද අමාත්‍යවරයා විසින් එම ගොවි සමාගමට පිරිනමනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ මින් වසර කිහිපයකට පෙර ජම්බෝ රටකජු අපේ රටට ඉන්දියාවේ සිට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයවූ බවයි.’ නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උසස් තත්ත්වයේ ජම්බෝ රටකජු ප්‍රභේදයක් හඳුන්වා දුන්නා. අපේ රටකජු ප්‍රභේදය රසයෙන් මෙන්ම ගුණාත්මකභාවයෙනුත් උසස්. ඒ නිසා දැන් ජම්බෝ පීනට්ස් නිෂ්පාදන සඳහා යොදා ගන්නේ අපේ රටේ නිෂ්පාදනයි. දැන් ජම්බෝ රටකජු ආනයනය කරන්නේ නැහැ. ඒ සඳහා වැය වූ මුළු මුදලම රට තුළ ඉතිරි කර ගන්න පුළුවන් වුණා. කිලිනොච්චියේ ගොවීන් ජම්බෝ රටකජු වගාව පුළුල් ලෙස සිදු කරනවා. නමුත් මෙම රටකජු ප්‍රභේදය අපේ රටට හඳුන්වා දුන්නේ අගුණකොළපැලැස්ස කෘෂි පර්යේෂණ ගොවිපොළ මඟින්. එහි සේවය කළ ජීවනි දිද්දුගොඩ කෘෂි විද්‍යාඥවරිය තමයි මෙම ප්‍රභේදය හඳුන්වා දුන්නේ. එම හඳුන්වා දීම නිසා අද අපේ රටේ සිට විදේශ රටවලට ඇදී ගිය විශාල මුදලක් අපිට ඉතිරි කර ගන්න හැකි වී තිබෙනවා. අපේ ඉලක්කයත් අපිට වගා කළ හැකි දේ අපේ රටේම නිපදවා ගැනීම’ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us