දකුණේ පාතාලය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපායි - පොලිස්පති

Published in පුවත්
Wednesday, 27 March 2024 08:54

රට තුළ පවතින සාමකාමී වාතවරණය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපාන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඔහු සඳහන් කළේ, දකුණු පළාත තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් වෙඩිතැබීම් හේතුවෙන් සංචාරකයින් කම්පනයට පත්වන බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

"පාතාල ක්‍රියාකාරකම් වගේ බිහිසුණු දේවල් නිසා, සංචාරකයින් බියට පත්වෙනවා. විශේෂයෙන් දකුණු වෙරළ ආශ්‍රිතව බෙන්තර ප්‍රදේශයේ, අහුංගල්ල, කොස්ගොඩ, රත්ගම හා හික්කඩුව වගේ ප්‍රදේශවල තියෙන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලින් සංචාරකයෝ කම්පනයට පත්වෙලා තියෙන්නේ. යුරෝපයේ වගේ රටවල්වල මිනිස්සු බොහෝම සාමකාමී පරිසරවල ජීවත් වෙන්න කැමති අය. ඒ මිනිස්සු ඇවිල්ලා මෙහෙ වෙඩි තියෙන ඒවා දකිනකොට ඒ මිනිස්සු කම්පනයට පත්වෙනවා. සදාකාලිකව ඒ මිනිස්සු ආය මෙහෙ එන්නේ නැති වෙයි. ඒ නිසා නීතිය සාමය පවත්වාගෙන යෑමත් සංචාරකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් ඉතාමත් අවශ්‍යයි."

එමෙන්ම ප්‍රමිතියෙන් තෙරව සිදුකරන සංචාරක කර්මාන්තය ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් නියාමනය කිරීමට පියවර ගන්නා බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us