News Items (18842)
බටහිර ජැටිය සංවර්ධනයට කැබිනට් අනුමැතිය. ජපානය ප්‍රතිචාර නොදක්වයි !
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.
දුම්රිය සංඥා නිකුත් කළ විට රථ වාහන ධාවනය කළහොත් දඩය රු.25,000යි
දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාද නිකුත් වන අවස්ථාවකදී රථ වාහන ධාවනය කළහොත් රුපියල් 25,000ක දඩයක් නියම වන බව පොලීසිය පවසනවා.
වතු කම්කරුවන්ගේ වැටුප රු.1000 කිරීමේ යෝජනාවට ස්ථිර අනුමැතිය
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පඩිපාලක සභාව විසින් ස්ථිර කර තිබෙනවා.
දූෂණ සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේනවා.
සේවා කාලය දිගු ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාගය වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේනවා.
සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක සංවෘත සේවාවක් කිරීමට අගමැතිගෙන් උපදෙස්
සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත.
කොළඹදී විවෘත වූ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලය
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලය ඊයේ (01දා) කොළඹදී විවෘත විය.
ලබන අප්‍රේල් මාසය වන විටදී පොල් මිල අඩුවන බවට පොල් පර්‌යේෂණායතනය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන ප්‍රකාශ කර තිබේ.
අලි මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය . 2019 දී අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක් අලි ඇතුන් පහරදීමෙින් මිය ගියහ.
දේශීය කෘෂි කර්මාන්තය දේශීය කාර්මික කර්මාන්තය දියුණු කිරීමන් රට සංවර්ධනය කළ හැකි බවට යළි කතා බහක් ප්‍රබලව මතු වූයේ කොරොනා වෛරසය මඟින් රටවල් හුදකලා කිරීමට සිදුවූ වටපිටාව තුලය.
