පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23 වැනිදා) ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ (22 වැනිදා) රාත්‍රියේ තීරණය කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නතර කිරීමට රජයට කරුණු දක්වන ලෙසට පාකිස්තාන අගමැතිවරයාට දැන්වීම සදහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු සුදානම් වන බව වාර්තා වේ.

මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාස්කු ප්‍රහාරය එල්ල වී තව මාස දෙකකින් අවුරුදු 2ක් සපිරේ. එහෙත් මේ වන තෙක් මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මකවීම ගැන සැකසංකා හැර නිශ්චිත අපේක්ෂාවක් තැබීමේ හැකියාව සම්බන්ධයෙන් මතයක් සමාජය තුල නැත.

දේශීය කර්මාන්ත නගා සිටුවීම සදහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට එම කර්මාන්තවල නිරත වූවන් සිය ප්‍රසාදය පල කර සිටිනවා. එමෙන්ම දේශීය කර්මාන්තවල මේ වන විට නව පිබිදීමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

විධිමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගත යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ආරම්භවීමට තිබියදී මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට්ගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින් නෙස්බි සාමිවරයා මහ කොමසාරිස්වරියට චෝදනා කර ඇති බව වාර්තා වෙනවා.

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී (NDTV) සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කරනවා .

ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Connet With Us