නෙස්බි සාමිවරයා විසින් මිෂෙල් බැචලෙට්ගේ කාර්යාලයට චෝදනාත්මක ලිපියක් !  

Published in පුවත්
Monday, 22 February 2021 10:34

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ආරම්භවීමට තිබියදී මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට්ගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින් නෙස්බි සාමිවරයා මහ කොමසාරිස්වරියට චෝදනා කර ඇති බව වාර්තා වෙනවා.

එම චෝදනාව මෙසේය ,

‘‘එල්ටීටීඊ සංවිධානය ඊළාම් රාජ්‍යයේ නාමයෙන් සියලුම මධ්‍යස්ථ දෙමළ නායකයන්, හිටපු ජනාධිපති ප්‍රේමදාස, අගමැති රජීව් ගාන්ධි සහ ගණන් කළ නොහැකි තරම් ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් සමාජ නායකයන් ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇත. මෙවැනි ප්‍රධාන කරුණු නොසලකා මිෂෙල් බැචලෙට් සංහිඳියාව ඉදිරියට ගෙනයෑම පිළිබඳ ඉතාම අඩු උනන්දුවක් දක්වා තිබේ.

2009 ජනවාරි සිට මැයි දක්වා යුද්ධයේදී සිවිල් වැසියන් මියගොස් ඇත්තේ 5000 ත් 7000 ත් අතර සංඛ්‍යාවක් බව ස්වාධීන පරීක්ෂණවලින් තහවුරු කර ඇත. එහෙත් එක්සත් ජාතීන් විසින් සාක්ෂි මත පදනම් නොවී පවසා ඇත්තේ එම සංඛ්‍යාව 40,000 ක් පමණ වන බවයි. එල්ටීටීඊ සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම යන ‘වඩාත් දරුණු යුද අපරාධය’ මහ කොමසාරිස්වරිය විසින් සම්පූර්ණයෙන් නොසලකා හැර ඇත. ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට ‘ගැඹුරින් සම්බන්ධ වී සිටි’ ඇඩෙල් බාලසිංහම් බ්‍රිතාන්‍යයේ නිදහසේ වාසය කරන පුරවැසියෙක් වන බව මහ කොමසාරිස්වරිය එම කරුණුද මුළුමනින්ම අමතක කර තිබේ’’ යනුවෙන් නෙස්බි සාමිවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද ආරම්භ වීමට නියමිතයි. ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන වසර කිහිපයක් නිහඩව හිටපු බටහිර රටවල් මෙවර සැසියේදී හඩ අවදි කරන්න සූදානම් බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us