නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයෙන් පසු ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වනතුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ විභාගයට හා සම්බන්ධ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා , විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පළ කිරීම ද ලබන 23 වැනිදා සිට තහනම් කෙරේ. එම තහනම කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම්කර තිබේන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම්කර තිබේන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ජවිපෙ හාර්ඩ්කොර් සාමාජිකයන් නැති නම් ෆුල් ටයිම් වෘත්තීය විප්ලවාදීන් ලෙස ඉතිරිව සිටින කණ්ඩායම තවමත් සිතා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ කවදා හරි මේ රටේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවන බවය.

පැය 24ක් ඇතුළත සියලුම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කල යුතු බවට පියවර ගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබේ. තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නව තීරණ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි ඔහු වැඩසටහනකට එක වෙමින් ප්‍රකාශ කර සිටියේ.

මේ පිලිබදව අදහස් දැක්වූ චන්න ජයසුමන ,

අපි තීරණයක් ගත්තා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවෙන පිරිස් සඳහා යම් සීමාවක් සහ පැය 24ක් තුළ ඒ අවමංගල්‍ය කටයුතු සියල්ල නිමා කරන්න ඕනා කියන උපදෙස ලබාදීම සඳහා. ඒ වගේම තමයි මංගල උත්සව කටයුතු සඳහා සහ අනෙකුත් උත්සව ප්‍රියසම්භාෂණ කටයුතු සඳහා 150ක් දක්වා මේ වනතෙක් අවස්ථාවල ලබාදීලා තිබුණා. අපි ඒක 50ක් දක්වා නැවත අඩුකරලා තියෙනවා. නීතිමය වශයෙන් දැනුම්දීමක් කෙරේවි. විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා රාත්‍රී සමාජශාලා පිළිබඳව. ඒ වගේම විනෝදජනක කටයුතු සඳහා විවිධ ආකාරයේ එකතුවීම් පිළිබඳව. ඒ සඳහාත් හෙට සහ අනිද්දා දිනයේදී යම් සීමා පැනවේවි." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පළ කර ඇති බව දුටිමි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 'ගම සමඟ පිළිසඳර' වැඩ සටහන අරගෙන ගමින් ගමට යන එක ජවිපෙට පට්ට අවුල්ය.

ජනතා විමුක්ති පෙරමුණ ඒක අතකින් අපූර්ව දේශපාලන පක්ෂයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට නිතරම අලුත් අලුත් දැන් ඔවුන් විසින් ගෙනවිත් ඇද දමා තිබේ. ඇතැම් ඒව අතිශය බිහිසුණුය. ඒවා විසින් කළ විනාශයන් තවමත් සමාජයට අමතකව නැත. සමහරක්වා අතිශය කණගා‍ටුදායක හෝ විනෝද ජනකය. විසුළු සහගත විකාර නම් වැඩි වැඩියෙන් ඇත. තවත් දේවල් ඇත්තේ අඬන්න ඕනිද හිනා වෙන්න ඕනි ද කියා සිතාගත නොහැකි තැනකය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේනවා.

Connet With Us