ගම සමඟ පිළිසඳර සහ අධිෂ්ඨානයේ පුරවරය Featured

Monday, 15 February 2021 11:38

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 'ගම සමඟ පිළිසඳර' වැඩ සටහන අරගෙන ගමින් ගමට යන එක ජවිපෙට පට්ට අවුල්ය.

ජවිපෙ කියන්නේ ජනාධිපතිවරයා එසේ නොයා යුතු බවය. ගමට අදාල රජයේ නිලධාරීන් කැඳවා ඔවුන්ට උපදෙස් දුන්නා නම් වැඩේ ටිප් ටොප් එකට කෙරෙනවා කියන එක තමා ජවිපෙ දිගටම කියමින් ඉන්නේ. සිස්ටම් කියන්නේ ඒවාටලු. එහෙම සිස්ටම් හදන්න ඕනෑලූ.

ජවිපෙ කියන මේ සිස්ටම් හැදිල්ල ගැන වෙනම කතා කරන්න ඕනෑ මාතෘකාවකි. මොකද මෙහෙම සිස්ටම් හදන්න හදන හැම මොහොතකම ඒ අතරට පැන ඒවා කඩාකප්පල් කිරීම පටන් ගන්නෙම ජවිපෙ නිසාය. ජවිපෙ කිසිදාක මේ රට හැදෙන්න දෙන්නේ නැත. ඒ රට හදන්න පුලුවන් ඔවුන්ට දුන්නොත් විතරය කියන එක ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන නිසාය.

රජයේ සංවර්ධන ක්‍රියාවලිය ජව සම්පන්නව, පණ ගසා ගොඩගන්න නම් රජ්‍ය පරිපාලන යාන්ත්‍රණය සියල්ලට පෙර ඊට ගැලපෙන ලෙස නිර්මාණය කරගත යුතුය. රටේ දැනට පවතින රාජ්‍ය සේවය, කොට්ට උරයක් කණපිට ගසන්නාක් මෙන් අනෙක් පැත්ත හරවා ඒ යළි වැඩක් කළ හැකි යාන්ත්‍රණයක් ලෙස ගොඩනැගිය යුතු තැනක තිබේ. ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පියවර ගනනාවක් මේ වන විටත් තබා ඇත. එහෙත් තවත් ඉදිරියට යෑම ලෙහෙසි නැති බව දැනටමත් පෙනෙන්නට තිබෙන ඇත්තය.

රාජ්‍ය සේවයේ ඇති දූෂිත බව වංචාසහගත බව එහි අකාර්යක්ෂමතාවයත් සමඟ බැඳුනකි. එය අකාර්යක්ෂම කර ඇත්තේම දූෂණයට වංචාවට ඉඩක් තබාගැනීම වෙනුවෙනි. මෙය දැනුවත්ව කරන දෙයකි. එය ඕණෑම රජයේ කාර්යාලයක් සඳහාම පොදු ඇත්තකි. අවංක දක්ෂ රජයේ නිලධාරියකුට හෝ මේ දූෂිත අවකාශය තුල වැඩි කල් ර‍ැඳෙන්න අවස්ථාවක් මේ දූෂිත තත්වයන් විසින් ලබා දෙන්නේ ද නැත.

කොහොම නමුත් වත්මන් ආණඩුව පමණක් නොව මීට පෙර පැවැති පාලන සමයන් හීදී ද රාජ්‍ය සේවයෙහි අකාර්යක්ෂමෙතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් යම් යම් පියවරයන් ගැනීමට උත්සහ ගත් අවස්ථාද අනෙතුවා නොවේ. එහෙත් ඒ කිසිදු අවස්ථාවක රාජ්‍ය පාලනයේ වුවමනාවන්ට සරිලන ලෙස ඒ ප්‍රතිසංස්කරණයට අවස්ථාව ලැබුණේ නැත. රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති මා‍ෆියාව විසින් ඒවා වලක්වනු ලැබීය.

අදත් එම තත්වයන් දකින්න ලැබේ. රාජ්‍ය සේවයෙහි බොහෝ වෘත්තීය සමිති රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල අනු සංවිධාන ලෙස ක්‍රියාත්මක වෙන නමුත් තමන්ගේ දේශපාලන පක්ෂය, රාජ්‍ය බලය අත්පත් කරගත්තා කියා ඒ පාලනයේ වුවමනාවන් වෙනුවෙන් හෝ පෙනී සිටියානම් ඒ බොහෝ කලාතුරකිනි. ඔවුන්ට වැදගත් ඔවුන්ගේ බඩට නොවැදී දේවල් සිදු වියයුතු වීමය. මැතකදී වෘත්තීය අරගලයක් ලෙස මතු වී ආ වරාය නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී මේ වෘත්තීය සමිති කටයුතු කළේ තමන්ගේ බඩගෝස්තරය බේරාගැනීම පළමු තැන තබාය. ජාතික සම්පත් රැකගැනීම යන්න උඩින් තැවැරූ අයිසින් තට්ටුවක් පමණකි. බටහිර ජැටිය සම්බන්ධයෙන් මේ වෘත්තීය සමිතිකාරයන්ගේ ස්ථාවරයෙන් ඒ තවදුරටත් පැහැදිලිය. කොහොම නමුත් ඒ හමුවේ ආණ්ඩුව පරාජයට පත්වූවා යන්න පිළිගත යුතුය. රටත් පරාජයට පත් විය. මේ ආකාරයෙන් තවත් බොහෝ උදාහරණ පෙන්වා දිය හැකිය. එහෙත් මෙහි වැදගත්ම කතාව එය නොවේ. මේ වෘත්තීය සමිති මා‍ෆියාව සමඟ ජවිපෙද ප්‍රධාන භූමිකාවක නිරත වීමය. සිස්ටම් හදන්න ඕන කියන ජවිපෙ මේ දූෂිත යාන්ත්‍රණය වෙනස් කරන්න පියවර ගන්නා සෑම විටම ඊට එරෙහිව තිබේ. නැති අවුල් හෝ බඩ ගෝස්තරයේ වැදගත් කම හෝ පෙන්වා අනෙක් වෘත්තීය සමිති පවා ඒ වෙනුවෙන් පෙළගැස්වවීමට තරම් හැකියාවක්ද ඔවුන්ට තිබේ. හැම දෙයක්ම අවුල් වියවුල් කර දමා ආණ්ඩුවකට නිශ්චිතව තීන්දුවක් ගැනීමේ අවස්ථාවන් අහිමි කිරීම ජවිපෙ සිදු කරයි. ඉන් පසු මේ අය කරන්නේ නිදහසෙන් පසුව තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කෙරුවෝ මේ රට හැදුවේ නෑ.. රට ණය කන්දක හිරකරලා..සිංදුව කිය කියා ඉන්න එකය.

මේ නිසා රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉදිරියේදී ගන්න මොන පියවර වුවත් ඊට කාටත් කලින් එරෙහි වන්නෙ ජවිපෙ බව කැට ඇතිව කිව හැකිය. සිස්ටම් හදන්න ඕණෑ කියන ජවිපෙ කවදාවත් මේ සිස්ටම් හැදෙන්න ඕණෑ හැටි කියා නැත. ඒ වෙනුවෙන් අනෙක් වෘත්තීය සමිති හෝ අනෙක් වෘත්තිකයන් පොළඹවා නැත. රජය පොළඹවා නැත. එයාලා කළෙත් සංදර්ශන පෙන්වීමය. දැන් මෙහෙම පක්ෂයක් තමා 'ගම සමඟ පිළිසඳර' වැඩ සටහන ගැන අවලාද නගමින් ඔහොම නෙවෙයි සිස්ටම් හැදෙන්න ඕණෑ යැයි කියන්නේ.

ජවිපෙ හදන සිස්ටම් ගැන හොඳම උදාහරණ පෙන්වූයේ ඔවුන් වරක් බලය හිමිකර ගත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මඟින් තිස්සමහාරාමය සංවර්ධනය කරන්න ගත් පියවරයන් ගෙනි.

දැන් ජවිපෙ ගෝඨාභයයට දෙන උපදසේ අනුව එදා ජවිපෙ කළ යුතුව තිබුණේ තිස්ස ප්‍රාදේශීය නායකත්වයට ප්‍රතිපත්ති හෝ වැඩ පිළිවෙලක් යවා ඒ අනුව වැඩකරගෙන යන ලෙස නියෝග දී නායකයෝ ටික පැලවත්ත මුලස්ථානයට වී සිටීමය. එහෙත් ඇත්තටම සිදු වූයේ මේ පැලවත්තේ සියලූම නායකයන්ද රට පුරා සිටි අනෙක් ප්‍රාදේශිය නායකයන් සහ සාමාජිකයන්ද එක රොත්තට තිස්සමහාරාමයට ගොස් වැඩ කරන්න පටන් ගැනීමය. මුලු තිස්සමහාරාම ප්‍රාදේශීය සභා සීමාවේම වල් නෙලා, අතුගා, කුණු එකතු කර පුච්චා දැමුවේය. හැම කුණු කාණුවක්ම සුද්ද කළේය. මෙහෙම ගහක් ගලක් ගානේ සුද්ද කර හුණු පිරියම් කර ' අධිෂ්ඨානයේ පුරවරය ' කියා බෝඩ් ලෑල්ලක් ගසා ස්මාරකයක්ද තැනුවේය. ඒ අතර 'මෙනන් බලන්ඩෝ අපි තිස්ස සංවර්ධනය කරනවෝ..' කියා රට පුරා පොස්ටර් ගැසුවේය. එක දිගට මාධ්‍ය සංදර්ශන පැවැත් වූයේය. මේ සියල්ල කළේ පක්ෂ නායකයන්ගේ සිට රට පුරාම සිටි ජවිපෙ කාඩරය තිස්සට ගෙන්වා බත් පතක් දී වැඩ කරවා ගැනීමෙනි. එහෙත් තිස්ස සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති හෝ වැඩ පිළිවෙලවල් ක්‍රමවේදයන් තිබුණේ නැත. සියල්ල ඒ ඒ වෙලාවට පක්ෂ කාඩර්වරු කැඳවා, පක්ෂේ අරමුදල් වැයකර කරන කියන දේවල් වලට සීමා විය.තිස්ස නිසා පක්ෂය නැතිභංගස්ථාන වෙමින් පැවැතීමෙන් ඒ සෙල්ලම වැඩිකල් කරන්නට ද බැරි විය. සභාවේ පාලනය විකාරයක් විය. ඒ විදිහට ගිය තිස්සෙ සිස්ටම් එක ඊළඟ ඡන්දයේදී අහවර විය. මිනිස්සු නැවත ඡන්දයක් දී ඔවුන්ව බලයට පත්කරන්න සිතුවේ නැත. මොකද මේ බොරුව මිනිස්සු තේරුම් ගෙන තිබුණ නිසාය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ තමන්ට ගම දීලා බලමු යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියද ඉතිහාසයේ කූජිතම ප්‍රතික්ෂේප කිරීමට ජවිපෙ ලක්විය.

ජවිපෙ ඇමැතිකම් දරූ සමයේදී ද වැඩ ගොඩක් ප්‍රදර්ශනය කළේය. ඒවත් අර තිස්ස ක්‍රමයටය. ඒ කාලේ ජවිපෙ සාමාජිකයන්ට ගෙදර දොරේ වැඩක් පලක් කරන්නටවත් වෙලාවක් තිබ්බේ නැත. අමාත්‍යංශ වල වැඩවලට කැපවී සිටින්නට සිදු විය. හැබැයි අන්තිමට කරපු දෙයක් නැති විය. ඔක්කොම දහසක් වැව් ව්‍යාපෘතිය වගේ සංදර්ශන සහ රජයේ මුදල් නාස්ති කිරීම විතරක් විය. වැඩකට කියා සිදු වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයට බස් දෙකක් ජවිපෙ විසින් අරන් දීම පමණය. හැබැයි ඊට පස්සෙ මිනිස්සු ජවිපෙට ඡන්දය දුන්නේ නැත.

මේ රටේ ගමට වැඩක් කියා දෙයක් කෙරුණේ මහින්ද රාජපක්ෂ යුගයෙයේ. ගමේ මිනිස්සු ඊට කළ ගුණ සැලකුවේය. 2015 ජාත්‍යන්තර කුමන්ත්‍රණය නොවන්න යහපාලයක් ඇති වන්න නියමිතව තිබුණේ නැත. කොහොම නමුත් ඒ යහපාලකයන්ගේ ඇත්ත මිනිස්සු තේරුම් ගෙන 2019 දී ඓතිහාසික පරාජයක් ඔවුන්ට අත්පකර දුන්නේය. යහපාලනයේ කොටස්කාර ජවිපෙටද යන එන මං නැති විය.

අද ගමේ මිනිසා ගමට ඇත්තටම වැඩ කරන්නේ කවුද කියන එක හඳුනාගෙන තිබේ. ගෝඨාභය රාපක්ෂගේ 'ගම සමඟ පිළිසඳර' අද ජනප්‍රියත් ඒ නිසාය. ගමේ ඇත්ත ප්‍රශ්න ටිකට කඩිනම් විසඳුම් ලබාදීම සහ ගමේ සංවර්ධනයට ඉදිරියට අවශ්‍ය ප්‍රායෝගික වැඩ පිළිවෙලවල් ගම්මු සමඟ සාකච්ඡා කර තීරණය කිරීම එහි අරමුණය. ඒ අනුව අද මිනිසුන්ගේ ඇත්ත අවශ්‍යතාවයන් හැඳිගෙන නිසි පිළියම් කඩිනමින් ලබා දෙමින් තිබේ. නැවත වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට ගමට යන්නට බැරිය. වැඩ කරන මිනිහා ඇවිත් වැඩ ටික කරලා දිලා ගියාට පස්සෙ බොරුකාරයන්ට ගමේ කරක් ගැසිය නොහැක. දැන් ජවිපෙ මෙන්ම විපක්ෂයේ අනෙක් පක්ෂත් මුහුණ දී තිබෙන ගැටලුව මෙයය.. ගියවර සියයට 3 ක් හෝ ගෙන යන්තම් ජාම බේරාගත්තේ මේ ගම්වල මිනිස්සු රවටා. එහෙන් මෙහෙන් එකතු කරගත් ඡන්ද ටිකෙනි. ඉදිරියේදී ඒ ඩිංගත් නැති වෙන බව දැනෙනකොට ඇතිවෙන ප්‍රශ්න ගැන අමුතුවෙන් කිව යුතු නැත.

'ගම සමඟ පිලිසඳර' වැඩ සටහනත්, ජනාධිපතිවරයාත්, මේ වැඩ සටහනට එකතුවෙන ගම්මුන්ටත් අපහාස උපහාස කරමින් සිටීමට ජවිපෙට අද සිදුව තිබෙන්නෙ තමන්ගේ අසරණකම අසමත්කම සහ තමන්ගේ ඇත්තම කුහකම නිසාය.

'ගම සමඟ පිළිසඳර' යනු වෙන කරන්න දෙයක් නැති කමට ආණ්ඩුව කරන වැඩක් නොවේ. එය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දුන් වැඩ සටහනකි. ඒ හා බැඳුනු තවත් වැඩ සටහන් රැසක් තිබේ. ඒ සියල්ල ක්‍රමානුකුලව දැන් ආරම්බ කර තිබේ. රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය, නාගරික සංවර්ධනය, දේශීය කෘෂිකර්මාන්තය, කාර්මික කාර්මාන්ත, ජාතික ආර්ථිකයේ ප්‍රධානතම අංගය ලෙස වැඩි දියුණු කිරීම, අපනයන ආර්ථිකය දියුණු කරගැනීම ආදී වැඩසටහන් මේහා බැඳී තිබේ, ජාතික ප්‍රතිපත්තියක් , වැඩ පිළිවෙලක් ,අරමුණක්, ඉලක්කයක් සහිතව මේවා සිදු වෙමින් තිබේ. මේ සුපිරි වැඩ සහ ජවිපෙ තිස්සමොරාම සංවර්ධන ක්‍රමවේදය හාත්පසින්ම වෙනස්ය. හුදු සංදර්ශන වලට එහා ගිය මේ මහපොළවේ පවතින යථාර්ථයට අනුව මෙහිදී වැඩ සිදුවෙමින් තිබෙන බව ඇස්කන් නසා හරියට වැඩ කරන මිනිසුන්ගෙන් වසං කළ නොහැක.

ජවිපෙට අද ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ ගමේ මිනිහා දියුණුවෙන් දියුණුවට පත්වීම වැලැක්වීමයි. වැඩ කට නැති ගහක් ගලක් හෝ අල්ලාගෙන ඒවා කඩා කප්පල්කරන්න මාන බලන්නේ ඒ නිසාය. මේ දේශපාලන පිළිල තිබෙනකම් සක්කරයාට වුවත් රට සංවර්ධනය කිරීම ලෙහෙසි වැඩක් නම් නොවේ.

- the novemberist

 

Last modified on Monday, 15 February 2021 11:45

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us